ලිපි පෙළගැස්ම

2024 අප්‍රේල් 8

1787 දී කාල් ලියොන්හාඩ් රේන්හෝල්ඩ් (Karl Leonhard Reinhold) ජිනා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරයට පත් වූ අතර කාන්ට්ගේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඔහුගේ දේශන ඇසීමට සිය ගණනාවක් ශිෂ්‍යයන් ආකර්ෂණය විය. ඔහු එම ධුරය හැර දා කීල් විශ්වවිද්‍යාලයේ තනතුරක් සඳහා ගිය පසු ඔහුගේ තනතුරට පත්වූයේ ෆිෂ්ට ය. මෙය සිදුවූයේ 1794 දී ය. ඔහු කාන්ටියානු ව්‍යාපෘතිය වඩාත් රැඩිකල්කරණයට ලක් කළා පමණක් නොව එයට අලුත් අවකාශයක් නිර්මාණය කර දුන්නේ ය. පශ්චාත් කාන්ට්යානු දාර්ශනික ව්‍යාපෘතිය ෆිෂ්ට අතින් ඉහළට නැගුණේ ය...

2024 මාර්තු 20

මුල් රාජධානි සමය

ඊජිප්තු සංස්කෘතිය ලිපි මාලාවේ දෙවන කොටසින් අපි ස්කෝපියන් රජුගෙන් පසු අභිෂේක ලැබූ අනුප්‍රාප්තිකයෙකු ලෙස නාමෙර් රජු (King Narmer) හඳුනා ගතිමු. ඔහු නයිල් නිම්නයේ ඉහළ ඩෙල්ටාවෙහි පාලකයා වූ අතර පහත ඩෙල්ටාව ආශ්‍රිත මිටියාවතෙහි වූ රාජධානිය ආක්‍රමණය කොට ඊජිප්තු ඉතිහාසයෙහි ප්‍රථම වරට එක් සේසත් වූ මුල්ම ස්ථාවර රාජ්‍යය බිහි කළේ ය.

එමගින් රාජ්‍ය පාලනයෙහි පළමු වන පාරාවෝ රාජ්‍ය වංශය පිහිටු වූයේ ය. මෙම්පිස් ...

මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ගැහැනියක් සහකම්පිත සිංහල කෙටිකථාවේ ආරම්භය

Talk delivered at the seminar on one-hundred years of Sinhala Short stories and the publication of ‘Gahaniyak’, held at Dept of Sinhala, University of Colombo, on March 05, 2024.

2024 මාර්තු 8

👨 ​​​​සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගැහැනියක් කෙටිකතා සංග්‍රහය පළකර සියවසක් පිරීම නිමිත්තෙන් පවත්වන උත්සවයට සහභාගී වීමෙන් මා උත්සාහ ගන්නේ ,කෙටිකථා මෙන් ම නවකථා කරුවෙක් ද, සාහිත්‍යය සහ කලා විචාරකයෙකු වශයෙන් ද එතුමාගේ දායකත්වයෙහි ගැබ් වී තිබෙන විශේෂ ලක්ෂණ කිහිපයක් හඳුනා ගැනීමටයි.

2024 මාර්තු 6

කෙටිකතාව නමින් මුළුමහත් ලෝකය පුරා ප්‍රචලිත වී තිබෙන සාහිත්‍ය නවප්‍රබන්ධ අනුප්‍රභේදයෙහි සිංහල නියෝජනයේ කීර්තිමත් සම්භවය ලෙස මාර්ටින් වික්‍රමසිංහ ‘ගැහැනියක් සහ තවත් කෙටිකතා’ නමින් 1924 දී ප්‍රථම සිංහල කෙටිකතා සංග්‍රහය පළ කළ කිරීම නවීන සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ තවත් ‘ශානරයක’ හෙවත් නව අනුප්‍රභේදයක බිහිවීමක් පමණක් නොව කල් පවත්නා සාහිත්‍යමය සමාජ සංස්ථාවක බිහි වීමක් ද විය.

සිංහල කෙටිකතාව සිංහල ප්‍රබන්ධ කලාවේ හා විචාර කලාවේ මතු නොව පුවත්පත්...

2024 මාර්තු 4

ලෝකප්‍රකට සිනමාකරුවකු වූ ඇල්ෆ්‍රඩ් හිච්කොක් විසින් 1956 වසරේ දී නිර්මාණය කළ ‘The Wrong Man’ නම් සිනමා කෘතිය ඔහුගේ වෙනත් නිර්මාණවලට වඩා වෙනස් මුහුණුවරක් ගත් බවක් පෙනී යයි. හිච්කොක් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ප්‍රෙක්ෂකයා සංත්‍රාසයට හා භීතියට පත්කිරීමේ අරමුණින් චිත්‍රපට නිර්මාණය කළ සිනමාකරුවකු ලෙසයි. එහෙත් ඔහුගේ ඇතැම් චිත්‍රපට එයට තරමක් වෙනස් ආකාරයකින් යම් යම් මානුෂීය සබඳතා හුවාදක්වන ස්වරූපයේ නිර්මාණ වූ බැව් පෙනී යයි. කෙසේ වෙතත් ...

2014 ජනවාරි 11

ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ, ඔහු සහ නාමල් ජයසිංහ දෙදෙනා එකතුව තිර රචනය සම්පාදනය කළ රහස් කියන කඳු චිත්‍රපටය අසාර්ථක චිත්‍රපටයකි. මා එසේ කියන්නේ එය “මෑත භාගයේ තිරගත වූ හොඳ ම චිත්‍රපටය” ලෙසින් මහත් ඝෝෂාවක් පවතින තතු තුළ ය. එහෙයින් මගේ නිගමනයට සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතු වේ.

රහස් කියන කඳු චිත්‍රපටය අසාර්ථක වී ඇත්තේ චිත්‍රපට අධ්‍යක්ෂණයෙහි ලා ඔහු සතු ශිල්පීය දක්ෂතාවේ මදියාවක් නිසා නො වේ; ඇත්තෙන් ම ඔහු සිනමා තාක්ෂණයෙහි ලා...

2024 ජනවාරි 10

පසුගිය දිනෙක මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර විවෘත කිරීමේ උළෙල අරඹයා රූපවාහිනියේ විකාශය වූ ප්‍රවෘත්තියේ ඇතුලත් වූ රූප මාලාව දුටු මගේ මතකයට නැඟුණේ අතීතයේ දී මා නැරඹූ වාර්තා චිත්‍රපටයකි.

එම වාර්තා චිත්‍රපටය අද දවසේ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොවන, හුදෙක් සිනමා අධ්‍යාපන කටයුතුවලදී පමණක් දැකගත හැකි කෘතියක් බවට පත්ව ඇත. එයට හේතුව එය මුලුමනින්ම නාසිවාදය උත්කර්ෂයට නංවන චිත්‍රපටයක් වීමයි. ‘Triumph of the Will’...

2024 ජනවාරි 8

‘බව තරණය’ පළ වූ යුගයේ දී එහි වෙතැයි කියූ බෞද්ධ දර්ශනයට නොගැලපෙන හා බුදු සිරිතෙන් නොකියවෙන කාරණා පෙරදැරි කර ගනිමින් සිදු වුණු විවේචනයද, එය දාර්ශනික නවකථාවකි යන අදහස ද මුල් තැනට පත් විය. එය සාහිත්‍ය විචාරයක් නොවන දෘෂ්ටිවාදී විචාරයක් වූ අතර දණ්ඩනීය නොවූ ධර්මාධිකරණ හැඩයක් ලබා ගති.

2023 නොවැම්බර් 27

ප්‍රකට නළුවෙකු හා අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ ජගත් මනුවර්ණගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන, එසේ ම අන්තර් ජාතික සිනමා උලෙළවල දී සම්මානයට පාත්‍ර වූ රහස් කියන කඳු ලංකාවේ සිනමා ශාලාවල දැන් ප්‍රදර්ශනය වෙයි. මෙහි තිර රචනය ජගත් මනුවර්ණ සහ නාමල් ජයසිංහ දෙදෙනාගේ ය.

රහස් කියන කඳු 87-89 ලේ වැකි භීෂණ සමය යළි මතකයට ගෙනෙන සිනමා ප්‍රයත්නයකි. එය නිර්දය ප්‍රහසනය (Black Comedy) නමැති ශානරයට අයත් ...

2023 නොවැම්බර් 10

“එතන සිට නොසිට” නවකතාව පිළිබඳ සාමාන්‍ය තොරතුරු හා කෙටි නිරීක්ෂණ කිහිපයක්

පිටු 238කින් සමන්විත වූ “එතන සිට නොසිට” නවකතාව නුගේගොඩ සරසවි ප්‍රකාශකයින් විසින් පළ කොට තිබෙන අතර එතරම් දීර්ඝ නොවූ පරිච්ඡේද 34කින් සමන්විත වේ. එම පරිච්ඡේදවලට හුදෙක් 1, 2 ආදී වශයෙන් මිස වෙනත් සංඥා නාම උපයුක්ත කොටගත් නාමකරණයක් සිදුකොට නොමැත. කතාව ඇරඹෙන්නේ වැඩමුඵවක් සම්බන්ධ සිදුවීමකිනි. කතුවරයා වාච්‍යාර්ථයෙන් නොපැවසුවද මෙම වැඩමුළුව චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ (1994) ආණ්ඩුවේ ආගමනයත් සමඟ ඇරඹුණු සාම ව්‍යාපාරයේම ...

2023 නොවැම්බර් 8

ප්‍රේමාක්ෂර නවකතාව ස්ත්‍රී පුරුෂ ප්‍රේමය උත්කර්ෂයට නංවා එය ලෞකික විමුක්ති මාර්ගයක් බව ප්‍රකාශිත කිරීමේ අටියෙන් කළ නිර්මාණයකි. ඒ සඳහා නල නම් තරුණ පුවත් පත් කලාවේදියකු හා ඔහුගේ රසිකාවියක වන සකුන්තලා අතර ගොඩනැඟෙන ප්‍රේමය උපයෝගී කර ගැනේ. මුළු කතාව ම දිග හැරෙන්නේ ඉහත කී දෘෂ්ටිය සාධනය කරනු පිණිස යි. ඒ සඳහා නලගේ ප්‍රාණ සම මිතුරකු වන පුවත් පතේ විශේෂාංග කර්තෘ ද සම්බන්ධ කර ගැනේ. කථාව විකාසනය වන්නේ නල, සකුන්තලා සහ මිතුරාගේ ...

2023 ඔක්තෝබර් 27

👨 විශ්‍රාමික මහාචාර්ය අර්ජුන පරාක්‍රම

1. හැඳින්වීම: නුසුදුසුකම සුදුසුකමක් ද?

මෙම මුඛ්‍ය දේශනය කිරීමට මාගේ සුදුසුකම් කවරේදැයි ප්‍රශ්නයක් මතු වී ඇත. එය ඉතා ම වැදගත් හා වටිනා ප්‍රශ්නයකි. ඒ සඳහා මා සුදුස්සෙකු නොවන බව මම ද පිළිගනිමි. ඒත් සමහර විට ප්‍රශ්නය මතු කෙරෙන දෘෂ්ටිකෝණයෙන් නොවේ. මෙවැනි දේශනයක් කිරීමට සුදුසුකම් බොහොමයක් තිබිය යුතු නමුත් සාරාත්මක හෝ ගෝත්‍රික හෝ පදනමකින් එය මැනිය යුතු නැතැයි මගේ මතය යි. ...

2023 අගෝස්තු 16

ප්‍රවීණ ලේඛකයකු වන එච්. ඒ. සෙනෙවිරත්න වසර 83 ක ආයු කාලයක් ගෙවා නොබෝදා අභාවප්‍රාප්ත විය. ඔහු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය-කලා ගැන කෙරෙන සාකච්ඡාවන්හී දී බොහෝ විට අමතක කර දැමුණු චරිතයක් වෙයි. ඒ හේතුවෙන් ම තරුණ පරම්පරාවෙන් මේ විශිෂ්ට ලේඛකයා දුරස් කරනු ලැබ තිබේ. ඔහුගේ නම ඉඳහිට හෝ සඳහන් වෙතොත් එසේ වන්නේ ධර්මසේන පතිරාජගේ “සොල්දාදු උන්නැහේ” චිත්‍රපටයට පාදක කොට ගෙන ඇත්තේ එච්. ඒ. සෙනෙවිරත්නගේ “එක්තරා ප්‍රේම කතාවක්” කෙටිකතා සංග්‍රහයෙහි ...

2023 සැප්තැම්බර් 2

කැලණිය සරසවියේ පැවැත්වීමට නියමිතව තිබුණු ග්‍රන්ථ දොරට වැඩීමේ උත්සවයකට සහභාගි වන ලෙස ලැබුණු ආරාධනයට අතිරේකව, එදින ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබුණු ‘සෝං ඔෆ් සිලෝන්’ (Song of Ceylon)චිත්‍රපටිය පිළිබඳ හැඳින්වීමක් කිරීමට ද ලැබුණු ආරාධනය ප්‍රතික්ෂේප කරමින් ආරාධිත තරුණ කතිකාචාර්යවරයාට මා කියා සිටියේ ඒ කටයුත්තට මා සුදුසුකම් සපුරා නැති අතර, සිනමාවට සම්බන්ධ කෙනෙකු එය පැවැත්විය යුතු බව ය. එහෙයින් මාගේ මේ ලිපිය හුදෙක් නිෂේධනාත්මක අපෝහකයක (negative dialectics) ප්‍රතිඵලයකි.

2023 අගෝස්තු 16

අප මෙතෙක් සාකච්ඡා කළේ හෙගල්ගේ මූලික සංකල්පයන් පිළිබඳව ය. මේ ලිපියෙන් අපේ ඒ සම්බන්ධයෙන් වූ දීර්ඝ ලිපි මාලාව අවසන් කෙරේ.

1618-1648 අවුරුදු 30ක යුද කාලයේ කුඩා ගම් ආකාරයට සැකසී තිබුණු ජර්මනිය ශුද්ධ රෝම අධිරාජ්‍යයේ දෘෂ්ටිවාදය මඟින් පාලනය විය. මේ කාලයේ ජර්මනිය සංස්කෘතිමය වශයෙන් වැදගත් රටක් වූයේ නැත. ප්‍රොතෙස්තන්ත හා කතෝලික ප්‍රදේශ...

2023 ජුනි 1

බෙංගාලි කවීන්ද්‍ර, සංගීතඥ, නාට්‍යවේදී, චිත්‍ර ශිල්පි හා කලා අධ්‍යාපනඥ රවීන්ද්‍රනාත් තාගෝර්ගේ නානාවිධ කලා පෞරුෂය‘මහා පුනරුද’ මනුෂ්‍යයකුගේ( RenaissanceMan) නොවේ නම් ශොන් පෝල් සාත්‍ර චින්තකයා විසින් චේ ගොවේරා වෙනුවෙන් භාවිතා කරන ලද ‘සම්පූර්ණ මිනිසා’ හෙවත් ‘ටෝටල් මෑන්’ (Total Man)වැනි විශේෂනාමයක් ඉල්ලා සිටිනු ලබන්නකි. ඉංග්‍රීසි චින්තක හා ගණිතඥ බර්ට්‍රන්‍ඩ් රසල් රුසියානු විප්ලවයෙන් පසු සෝවියට් දේශයේ සංචාරය කළ අතර ‍රංග ශාලාවක දී ලියොන් ට්‍රොට්ස්කි ...

2023 මැයි 14

කලාව හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය වන්නේ කැපවීම, උද්යෝගය හා නොපසුබට උත්සාහය බැව් නොරහසකි. ලෝකය වෙනස් කළ හැක්කේ එවැනි තනි තනි මිනිසුන්ටය යන්න සනාත කළහැකි නිදසුන් ඉතිහාසය පුරා කොතෙකුත් අප අසා ඇත. සිනමා කලා ලෝකය හා අදාලව සිදුවු එවන් තවත් අපූරු සිදුවීමකට මුල්වූ අසිරිමත් මිනිසෙකු පිළිබඳව සොයායාමේදී අපට හමුවූ කථාවක් මෙසේයි. ...

2023 මැයි 5

“මිනරෙට්ස්” වාර්තා චිත්‍රපටයේ එක් අවස්ථාවක දී මොහිදීන් බෙග් විසින් ගායනා කරන ලද ජනප්‍රිය ගීතයක් වන “මනුසතා ලෝකේ ඉපදී මංමුළා වුණා මග දී” ගීතය ඔහු විසින් ගායනා කරන ආකාරය දැක්වෙන රූප රාමු පෙළක් අපට මුණගැසේ.

“අසාධාරණේ මේ මිනීමෝරු වාගේ” යන්න මෙම ගීපද රචනයේ එන එක් වදන් පෙළකි. සමස්ත චිත්‍රපටය දෙස ආපසු හැරී බලන විට ප්‍රේක්ෂකයාට හැඟීයන්නේ ...

2023 මාර්තු 29

මේ ලිපිය 2023 මාර්තු මස 30 වෙනි දිනට යෙදෙන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ අභාවයේ දසවෙනි සංවත්සරය නිමිත්තෙනි.

සුචරිත ගම්ලත් සාහිත්‍යකලා ක්ෂේත්‍රයෙහි විවිධ සේවාවන් රැසක් කළ බුද්ධිමතෙකි. එහෙත් ඒ සියල්ල අතුරින් බලවත් ව නැගී සිටින්නේ සාහිත්‍යකලා න්‍යායට හා විචාරයට ඔහු කළ සේවාව යි. එම සේවාවේ එක් අංශයක් ඉතා සැකෙවින් ...

2023 මාර්තු 29

2006 වර්ෂයේ අග භාගයේ එක් දිනක සවස් කාලයේ මහාචාර්ය සුචරිත ගම්ලත්, ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ හා මම අවිස්සාවේල්ල හරහා හැටන් - දික්ඔය බලා ගමන් කරමින් සිටියෙමු. වාහනය ප්‍රසන්නගේ ය. කලා ළැදි, අර්ථපති සුනිල් ෆොන්සේකානන්ට අයත් තේ වත්තක් දික්ඔය තිබුණේ ය. අප යමින් සිටියේ ඒ වත්තෙහි වූ බංගලාවේ ...

2023 මාර්තු 10

පුද්ගලයෙකුට ස්ව-සවිඥානකත්වය ලබා ගත හැක්කේ සමාජ ලෝකය හා බැඳුණු මහා ව්‍යාපෘතියක් තුළ ය යන්න හෙගල්ගේ දැක්ම විය. ඒ අනුව පුද්ගලභාවයක් මඟින් ලබන විමුක්තියක් නැත. පුද්ගලයා ද ඇතුළත් සම්බන්ධතා පදනම් වී තිබෙන්නේ පිළිගැනීම ලබා ගැනීම සඳහා මිනිසා කරන අරගලයක් සහිත ලෝකයක් තුළ ය. පුද්ගලයා තුළ විවිධාකාර අත්දැකීම් ප්‍රතිබිම්බය වන අතර මෙහි දී ...

2023 මාර්තු 10

ප්‍රසන්න ජයකොඩිගේ “එයා දැන් බැඳලා” ටෙලි නාටකය අවසාන එපිසෝඩයේ දී සුද්දී තම දරුවා සමග බසයක නැගී ගම අතහැර යද්දී දුරකථනය හරහා ශ්‍රව්‍ය පණිවුඩයක් ලෙස පහත සඳහන් අවසන් තීරණය සිරි වෙත යවන්නී ය.ශ්‍රව්‍ය පණිවුඩයක් යැවීමේ අදහසින් ම ගම්‍ය වන්නේ මේ ප්‍රශ්නය ගැන ඇය සිරි සමග කුමන ආකාරයේ හෝ සංවාදයකට සූදානම් නැති බව යි. ....

2023 පෙබරවාරි 28

ඓතිහාසික සිදුවීම් පදනම් කරගත් චිත්‍රපට ගණනාවක් මීට වසර 15 කට පමණ පෙර ලංකාව පුරා ප්‍රදර්ශනය විය. ඒවා බොහොමයක් සිංහල ජාතිකත්වය ඔසවා තැබීම සඳහා නිෂ්පාදනය වූ ඒවා ය. නැතිනම් බුද්ධාගම හා බැඳුණු පුරාවෘත්ත පදනම් කර ගත් චිත්‍රපට ය. ප්‍රසන්න විතානගේ සූරීන් අධ්‍යක්ෂණය කරන ලදුව මේ දිනවල තිරගත ...

2023 පෙබරවාරි 7

නිකොලොයි මැකියාවෙලී (Niccolo Machiavelli - ක්‍රිස්තු වර්ෂ (1469 - 1527) ඉතාලියේ ෆ්ලොරන්ස් නගරය තුළ උපත ලබයි. මෙම ලිපියෙන් මැකියාවෙලිගේ කුමාරයා d (The Prince) කෘතියෙහි දැක්වෙන රාජ්‍යය පාලකයෙකු සතුව පැවතිය යුතු යැයි සැලකෙන ගුණාංග පිළිබඳව විවරණයක් කරනු ලැබේ. ...

සංගීතය හා ඝෝෂාව
ශ්‍රේෂ්ඨ රුසියානු සිනමාකරුවකු වූ ආන්ද්‍රේ තර්කොව්ස්කි විසින් රචිත ‘Sculpting in Time’ නම් ග්‍රන්ථයේ එන ‘Music and Noise’ නම් ලිපිය ඇසුරෙනි

2023 පෙබරවාරි 6

සංගීතය යන්න සිනමා මාධ්‍ය සමඟ සබඳතාවක් ඇති කරගන්නේ නිහඬ යුගයේ සිටයි. මුල් යුගයේ දී බොහෝවිට පියානෝ වාදකයෙක් චිත්‍රපට රූපයේ එන භාවයන් හා රිද්මයන්ට අනුරූපී වන ලෙස සංගීතය, සජීවී ලෙස වාදනය කළේය. මෙය සැබැවින්ම අතීශයින් යාන්ත්‍රික, එසේම ඒ ඒ ශිල්පියා විසින් හිතුමතේ කරන්නට ...

2023 ජනවාරි 28

හෙගල්ගේ දාර්ශනික අභිලාෂය මයිකල් ඇන්ජිලෝ කලාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහසක් සමඟ සමපාත වේ. මයිකල් ඇන්ජිලෝට අනුව සෑම ගල්කුට්ටියක් තුළ ම අභ්‍යන්තර පිළිමයක් ඇත. මූර්ති ශිල්පියාගේ අභිලාෂය විය යුත්තේ මේ අභ්‍යන්තර පිළිමය සොයා ගැනීම ය. දාර්ශනිකයා කරන්නේ හුදෙක් මතයක් ඉදිරිපත් කිරීම නො වේ. තමා තුළ ඇති අදහසක් එළියට දැමීම නො වේ. ඔහු කරන්නේ ක්‍රමානුකූලව අභ්‍යන්තරික සත්‍යය හෙළිදරව් කිරීමකි; මූර්ති ශිල්පියා අභ්‍යන්තරික පිළිමය සොයනවා සේ ...

2023 ජනවාරි 21

කාන්ට් තමන්ගේ Critique of Pure Reason කෘතියේ දී පූර්ව කාන්ටියානු පාරභෞතිකවාදයට පහර ගැසුවේ ය. පාරභෞතිකවාදයට එරෙහිව කරන ලද අභියෝග හමුවේ හෙගල් තමන්ගේ පරම විඥානවාදය, ඓන්ද්‍රීයවාදය, පරමාත්මය හා දෙවියන් වහන්සේ පිළිබඳ සංකල්පය ආරක්‍ෂා කළේ ය. කාන්ට්ගේ ප්‍රහාරයන් හමුවේ හෙගල් පාරභෞතිකවාදය අත්හැරියේ නැත. පරමත්වය ගැන දැනුම ලබා ගත හැකිය යන්න හේගල්ගේ පිළිගැනීම විය. පැරණි පාරභෞතිකවාදය අධානග්‍රාහී එකක් ...

2023 ජනවාරි 20

ගාඩි රැහේ විජයා සහ ටිකිරි කඳුගැටයක් මත සිට හාත්පස පැතිරී ඇති කඳු නිම්නය දෙස විපිළිසරව බලා සිටීති.

මෙය ප්‍රේක්ෂකයා චිත්‍රපටයේ දකින අවසන් රූපරාමුවයි.

කල්පනාවේ නිමග්නව සිටින විජයාට ටිකිරි පහත වදන් පෙළ මුමුණයි. එය මුඑ චිත්‍රපටයේ ම ටිකිරිගේ මුවින් කියවෙන ඉතා සීමාසහිත වදන් අතරින් අවසන් වදන් පෙළයි. ...

2022 දෙසැම්බර් 16

ප්‍රංශ බුද්ධිමත් චින්තකයෙකු වූ ඇන්ටොයින් ඩෙස්ටට් ඩි ට්‍රේසි (Antoine Destutt de Tracy) මුලින්ම ‘දෘෂ්ටිවාදය’ (Ideology) යන යෙදුම භාවිතා කළ බව පිළිගෙන තිබේ. මෙම යෙදුමට නිශ්චිත අර්ථ දැක්වීමක් නොමැත. කෙසේ වෙතත්, දෘෂ්ටිවාදය පොදුවේ අදහස් සමස්තයක් ලෙස අර්ථ දැක්විය හැකිය. දේශපාලනයේ දී මතවාදයන් ඉතා වැදගත් වන බැවිනි. දෘෂ්ටිවාදය’ යනු කුමක්ද? වෙනත් චින්තන ක්‍රමවලට වඩා වෙනස් වූ දෘෂ්ටිවාදී චින්තනයක් තිබේද? ...

2022 දෙසැම්බර් 14

මූර්තිකරුවකු සැකිලි ලෙස අඳින දළ රූප හෙවත් කුරුටු සිතුවම් ඔහුගේ මූර්තිය දෙවෙනි කොට ‘ජීඩීඒ’ කලාගාරයේ සිතුවම් දැක්මක සාරය කර ගනිමින් ප්‍රදර්ශනය කිරීම කලිසමට උඩින් යට ඇඳුම ඇඳීම වැනි විවාදාත්මක දෘශ්‍ය කලා අභ්‍යාසයකි. මූර්ති නරඹන්නට පැමිණෙන බලාපොරොත්තු සහගත නරඹන්නා දකින්නේ ශාලාව පුරා පැතිරුණු ස්ථාපනිකයක් බඳු චිත්‍ර සමුදායකි. ඒ නිසා නරඹන්නා අත්දකින්නේ දතක් ගැලවූ ...

2022 දෙසැම්බර් 7

ලෝකප්‍රකට ජර්මන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ වර්නර් හර්සොග් මේ වනවිට චිත්‍රපට 70කට අධික සංඛ්‍යාවක් නිර්මාණයකොට ජාත්‍යන්තර කීර්තියට පත්ව සිටින, එසේම කිසියම් පූජනීයත්වයකින් සැලකුම් ලබන අසාමාන්‍ය සිනමා චින්තකයෙකු ලෙස සැලකේ. වඩාත් විස්මයට පත්විය හැකි කරුණක් වන්නේ ඔහු කිසි දිනෙක විධිමත් අධ්‍යාපනයක් ලැබූවෙකු හෝ සිනමා පාසැලක පවා ඉගෙනීමක් ලැබූ අයෙකු නොවීමයි.....

2022 නොවැම්බර් 08

හෙගල් අදහස (the Idea) යන්න පුද්ගලික හෝ ආත්මීය එකක් ලෙසට ගන්නේ නැත. ‘මාගේ අදහස’ වැනි අර්ථයකින් මෙය යොදන්නේ නැත. හෙගල් ආත්මීය විඥානවාදියකු නොවන්නේ මේ නිසාය. අදහස යන්න වාස්තවික වශයෙන් පවතින්නක් බව හෙගල්ගේ අදහස ය. අදහසේ දයලෙක්තිකය පරිපූර්ණ වීම නියෝජනය කිරීමට ‘පරම අදහස’ (Absolute Idea) යන්න පාවිච්චි කෙරෙයි....

2022 නොවැම්බර් 08

ග්‍රාම්ස්චිගේ උත්සාහය වන්නේ සත්වාදය නිෂේධනය කිරීම නොවන නමුත් ආධානග්‍රාහිත්වය නිෂේධ කිරීම ය. ග්‍රාම්ස්චිගේ සැබෑ අභිප්‍රාය දැන ගැනීමට ක්‍රමයක් නැති වුවත් ඔහුගේ වියමන්, ලිපි ලේඛන විශ්ලේෂණය කිරීමට හැකියාවක් ඇත. ග්‍රාම්ස්චිගේ ලියකියවිලි තුළ ඇති අසම්පූර්ණත්වයන් ව්‍යාකුලත්වයන්, අසංගතභාවයන් ඔහු ජීවත් වූයේ කුමන පසුබිමක ද, කුමන කොන්දේසි යටතේ ද යන්නෙහි පිළිබිඹුවකි. ...

2022 සැප්තැම්බර් 22

(ආචාර්ය සෝමා ඒ. චැටර්ජි විසින් රචිත -‘Reading Rituparno’ නම් කෘතියේ එන ලිපියක් ඇසුරෙනි.)

“මෙය අභියෝගාත්මක ලොවකි. කිසිවක් ස්ථිරසාර නැත. අපගේ වස්තු, සම්පත්, ආදරය, අපගේ ඥාතීන්, එපමණක්ද නොව අපගේම ශරීරයන් පවා සදාකාලික හෝ ස්ථිර නොවේ. එසේ නම් ලිංගිකත්වය, අනන්‍යතාව වැනි සංකල්ප මෙතරම් තදින් අප වැළඳගෙන සිටින්නේ ඇයි? ඒවා මෙතරම් විශාල ගැටළු සේ අප සැලකිය යුත්තේ ඇයි?...

2022 ඔක්තෝබර් 9

මෙම ලිපියෙන් උත්සාහ ගන්නේ අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ චින්තනය සහ දේශපාලනය ඉතිහාසවාදී අංග ලක්‍ෂණයන් අන්තර්ගත කරගන්නා ආකාරයත් ඔහුගේ භෞතිකවාදය තුළ සත්වාදී මෙන් ම හෙගලියානු හා ක්‍රෝච්යානු විඥානවාදී ප්‍රවේශයන් අන්තර්ගත වී තිබෙන්නේ කෙසේ ද යන්නත් පරීක්‍ෂා කිරීම ය.....

2022 සැප්තැම්බර් 22

‘රූප’ (Images) යන්න අපි සෑම තැනකදීම දකිමු. දැන්වීම් පුවරු, සඟරා, පුවත්වල පමණක් නොව බස් රථවල ද ඒවා ඇත. ඒවා තැපෑලෙන් ද අප වෙත ලැබේ. සිනමාව, රූපවාහිනිය හා අන්තර්ජාලය හරහා ද ඒවා නිකුත්වේ.ඉරිදා පුවත්පත්වල පලවන සුසිනිඳු වස්ත්‍රාභරණවලින් සැරසුනු ගැහැනුන් මෙන්ම රැවුලබාන උපකරණ හා වැකුම් ක්ලීනර් යන්ත්‍රවල රූප ද අපි සාලයේ සෝපාව මත හිඳගෙන නරඹමු. ...

2022 සැප්තැම්බර් 15

(2022 සැප්තැම්බර් 6 වෙනි දින ගාල්ල/ මානවිල උපනන්ද විද්‍යාලයේ දී පවත්වන සාහිත්‍ය දේශනය)

ස්වභාෂාවෙන් කෙටිකථාව හදාරන යොවුන් සිසු විද්‍යාර්ථීන් ලෙස සාහිත්‍ය දේශන මාධ්‍යයෙන් ඔබ අමතන්නට ලැබීම සතුටක් මෙන් ම අභියෝගයක් ද වෙනවා. සතුට ඇති වන්නේ ඔබ බොහෝ ලේඛකයින් බිහි කළ පෙදෙසක හා ගම්පෙරළිය, වහල්ලු, කරුමක්කාරයෝ ...

2022 අගෝස්තු 31

(මෙය දොස්තර ජෝන් එච්. වොට්සන් මහතාගේ රහසිගත ලිපි ගොනුවෙහි ඇතුළත් පරීක්ෂණ වාර්තාවක් නොවන බව සලකන්න)

රහස් පරීක්ෂක නවකතා සහ කෙටිකතා නිර්මාණ තුළ ෂර්ලොක් හෝම්ස් තරම් පාඨකයින් විසින් ආදරයෙන් වැලඳ ගත් කල්පිත රහස් පරීක්ෂක චරිතයක් ලෝක සාහිත්‍යය තුළ නැති තරම් ය. සිංහල බසින් කියවන පාඨකයින් වෙත සර් ආතර් කොනන් ඩොයිල් (Sir Arthur Ignatius Conan Doyle) විසින් රචිත ෂර්ලොක් හෝම්ස් කතා ඉදිරිපත් කිරීමට සිංහල පරිවර්තකයින් දිගු කලක පටන් උත්සාහ කර ඇත. නිදර්ශන ලෙසින් ගතහොත් The Hound of the Baskervilles දිගු නවකතාවේ දැනට සොයා ගැනීමට නොහැකි ...

2022 අගෝස්තු 29

මිලාන් කුන්දේරාගේ ‘Life is Elsewhere’ නවකථාව අරුණ ප්‍රේමරත්න සිංහලට පරිවර්තනය කරන්නේ ‘ජීවිතය අන් තැනක’ යනුවෙනි. මේ ප්‍රහේලිකාත්මක නවකථා නාමය උපුටා ගනිමින් පොදුවේ සිංහල සාහිත්‍යය කියවීම පිළිබඳ සාකච්ඡාවක් ගොඩනැඟීම යි, මේ දේශනයේ පරමාර්ථය වී තිබෙන්නේ.ඒ නවකථාවේ පරිවර්තිත නාමය ගැන අවධානය යොමු කළ විට කෙසේ ද ජීවිතය අන් තැනක තියෙන්නේ?

සිනමාව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් නොවේ
උජාල් චක්‍රබෝර්ති රචනා කළ The Directors Mind නම් ග්‍රන්ථය ඇසුරෙන්

2022 අගෝස්තු 25

බොහෝ දෙනා සඳහන් කරන පරිදි, සිනමාව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් ද? එය එලෙස හැඳින්වීම කෙතරම් සාධාරණදැයි ගැඹුරින් සිතා බැලීම වැදගත් යැයි සිතේ.සිනමාව නම් වූ කලා මාධ්‍යය ඇත්තවශයෙන්ම ක්‍රියාත්මක වන්නේ ‘සිදුවීම්’ (incidents) ඇසුරෙන් ය යන්න පැහැදිලි කරුණකි. මේ අනුව වඩා සුදුසු වන්නේ සිනමාව යනු ‘සිදුවීම් මත යැපෙන’ (incident dependent) මාධ්‍යයක් ලෙස හඳුන්වා දීමයි. ...

2022 අගෝස්තු 20

ඊජිප්තු සංස්කෘතියේ ආරම්භක සමය පිළිබඳව මෙම ලිපි මාලාවෙහි පළමු කොටසින් අපි සාකච්ඡා කෙළෙමු. පූර්ව ඊජිප්තු ඉතිහාසයෙහි අවසානය සහ ප්‍රථම පාරාවෝ රාජ වංශය ආරම්භය අතර පැවති රික්තය සපුරා ලීමට ඉතිහාසයේ නව සොයා ගැනීම් සමත් වී තිබේ. මෙම ලිපියෙන් ඊජිප්තු ඉතිහාසයෙහි පදනම වූ පූර්ව ඊජිප්තු ඉතිහාසයෙහි අවසානය ගැන අවධානය යොමු කරමු. එහි දී විශේෂයෙන් අවධානය යොමු වන්නේ ස්කෝපියන් රජු වෙත ය. ..

2022 අගෝස්තු 14

බුද්ධි ප්‍රබෝධය සමඟ අරගලය

1790 පමණ කාලය තුළ ජර්මනිය යනු හෙගල් සහ රොමැන්තික පරම්පරාව බිහි වූ යුගය ය. මේ කාලය ඉතාමත් පුදුමාකාර ලෙස බුද්ධිමය බෙදීමක් පැවති යුගයකි. මේ යුගයේ පැවති බුද්ධිමය, සදාචාරමය, සංස්කෘතික පරිසරය (Spirit of the age/Zeitgeist) කුමක්ද? එය බුද්ධි ප්‍රබෝධය (Aufklarung) අර්බුදයකට යමින් පැවති යුගයකි. ...

2022 අගෝස්තු 7

කිවිඳුන් මට දුන් උපදෙස පිළිපැද

බලනා විට මම දුටුවෙමි බැනරය

ඉමහත් වේගෙන් පෙරට ඇදී යන

සිටුවන පොළොවක් ඊට අහිමි ලෙස. *1

බැනරය පසුපස දිව එන සෙනඟකි ...

2022 ජූලි 25

සුළියක් වී වට කැරකෙන භීතිය

මැද වෙවුලන මම ඇදුරිඳු විමසමි,

දෙසවන් පාරන හඬ කවරක් දෝ?

ඒ සා සෝකෙන් හඬණේ කවුදෝ?*1

ඔහු දුන් විදුමිණි පිළිතුර මෙය විය, ...

2022 ජූලි 16

නොවිතර දුක්බර නිරා නුවර දොර !

දුක්කඳ සවි වුණු විසම නුවර දොර !

අත්හළ රට දැය වෙත යන බිහි දොර!

මම වෙමි පව් කළ මහ සෙනඟට දොර! ‍

සුර නර තුන් ලෝ පවර මැවුම්කරු ...

2022 ජූලි 7

“එපවත් පවසා මා වෙත බැතියෙන්

ඉවත බැලූ සඳ දුටුවෙමි පියකරු

දෙනයන ගැල්වුණු දිලෙන කඳුළු බිඳු,

මා මේ ගමන‍‍ට කෙවිටෙන් දුවවන.”*1

එළඳා පැතු ලෙස ආවෙමි ඔබ වෙත, ...

2022 ජූලි 7

1. බුද්ධි ප්‍රබෝධයෙන් මතු කළ සදාචාරාත්මක ප්‍රාර්ථනාව - මෙහිදී මිනිසාට තම ස්වාධීනත්වයෙන් ක්‍රියාත්මක විය හැකි දිශාවන් තීරණය විය. මේ දිශාව තීන්දු කිරීමේදී කාන්ට්ගේ සදාචාර විනිශ්චය දැඩි පිළිගැනීමකට ලක්විය.

2. ක්‍රිස්තියානි ආගමේ බලපෑම- හේගල් තමන්ගේ උසස් අධ්‍යපනය සඳහා දේවධර්මය හැදෑරීය. නමුත් ක්‍රිස්තියානිය සම්බන්ධයෙන් හෙගලියානු ආකල්පය...

2022 ජූලි 3

“මම වෙමි බ්‍රියට්‍රිස් ඔබ හමුවනු වස්

ඔබ පොළඹනු වස් යා යුතු ගමනට,

මා යළි යනු ලැදි එතැනින් සපැමිණි

ආලය උල්පත, මේ බස එහි දිය,’*1

‘ආපසු ගිය කල දෙවියන් වෙත යළි ...

2022 මැයි 19

පුරාතන ඊජිප්තු සංස්කෘතිය, මානව ඉතිහාසයේ විශිෂ්ට ශිෂ්ටාචාරයක ඵලයක් වෙයි. විශ්වය ඥානනය කර ගැනීමේ අඛණ්ඩ උත්ත්සාහයක සලකුණු ඊජිප්තු ශිෂ්ටාචාරයෙහි වර්ධනය හා විකාශනය තුළ විද්‍යමාන වේ. සමස්තයක් ලෙස ගත් විට මනුෂ්‍යයාගේ මරණින් මතු ආත්මය පිළිබඳ සංකල්පය ඊජිප්තු සභ්‍යත්වයෙහි වර්ධනය කෙරෙහි ඉවහල් වූ මූලික ම සාධකය බව කිව හැකියි. අද සිට පළ වන මෙම ලිපි මාලාව රාජ වංශ තිහක පමණ පාරාවෝ රාජ්‍ය පාලන යුග වෙත ප්‍රවේශයකි.

2022 ජුනි 22

20 වන දර්ශනයේ සුවිශේෂ ලක්‍ෂණයක් වූයේ හේගල් පුනරුදයක් සිදුවීම ය. මාක්ස්වාදයේ මූලයන් සොයන්නට යොමු වූ පිරිස 1960 ගණන් වලදී නැවතත් හේගල් වෙත යොමු වූහ. 1970, 1980 දශකවල විශ්ලේෂී දර්ශනයට විකල්පයක් වශයෙන් මහද්වීපික දාර්ශනිකයෝ හේගල්ව නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ උත්සාහයක නිරත වූහ. හේගල්ව වර්තමානයේදිත් කියවිය යුතුය යන මතවාදය තහවුරු විය. නමුත් හෙගල්ව කියවෙන්නේ කෙසේද යන ගැටළුව ඉතිරිව පැවතිණි. ...

2022 මැයි 19

“මම ය මේ - එනියස් නොවන පාවුළු නොවන!

යා යුතු ද මා මේසා ගමන, මා වැනි කෙනෙකු

ගියොතින් ගමන අවිචිය බලා අමනෙකු වෙම් ද?

ඔබ මට වඩා දක්නා කෙනෙකි අගපත් නැණින්.*1

පෙර අදිටනක් නැවතත් සිතා වෙනසක් කළත් ...

2022 ජුනි 12

අඳුරු වන් තිමිරය හෙළමින් පහළ ගෙවී යයි දවස,

වැඩ බරින් මුදවත ලොවෙහි ප්‍රාණින් සැවොම,

මම වෙමි එක ම මිනිසා මෙලොව

තනි වුණු මෙතැන එම මුල් දින ම.*1

හටනකි දෙකකි කළ යුතු සෙයකි,

2022 මැයි 19

'කලාව' අරබයා විවිධ කාල වකවානු වලදී අනේක විධ මතිමතාන්තර කළ එළියට පැමිණියේය. එක් මතයක් පිටු දැකීමට, කල්ගතවත්ම තවත් මතවාදයක් එළිදැකීම නිතර සිදූවේ. එහෙත් කලාවේ අරමුණු කවරේද? එය මානව වර්ගයාගේ ප්‍රගමනයට වැදගත් කාර්යභාරයක් ඉටුකරන්නේද? යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් තවමත් ලැබී නැති බවක් හැඟේ.

2022 ජුනි 5

ගැඹුරු පෙමින් මම ඔබ පැදි කියවූ

නොමසුරු අසරණ සරණ යදින්නෙමි. *30

ඔබ මා ගුරු ම ය, මා ගුරුදෙවි ම ය,

මිහිරෙන් අගතැන් පත් ඔබ කවියෙනි,

2022 මැයි 19

බෑවුම අවසන නැඟුම ඇරඹි තැන

දිවියෙක් මතු විය පෙනුමෙන් විසිතුරු

බුහුටි කයින් ගෙන අනත අශ්ව බල!

ඌ සතු ලොම සම බෙහෙවින් තිත් ලද. බැලු බැලු අත මට පෙනුණේ දිවි රුව ...

2022 මැයි 15

අඩක් ගෙවූ තැන අප දිවි මඟ

හරි මැද නෙත් හැර අවදිව බැලුවේ වටපිට

දකිනුව මා රැඳි ගනඳුරු වන ගැබ,

පා ඔසවා ඇත නිසි මඟ බැහැරව. *1

ඔලමොල, බියකරු මේ ගන වනයේ, ...

2022 මැයි 15

👨 ​මහාචාර්ය ඇන්ඩෘ රේමන්ට් | පරිවර්තනය - සාගර විජේසේන

ජපානයේ චිබා විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ මහාචාර්ය ඇන්ඩෘ රේමන්ට් (Andrew Rayment) විසින් Academia.edu මාර්ගගත අඩවියේ The Realist, Modern and Post-Modern Novel: A Comparative Introduction ලෙසින් කරන ලද කෙටි දේශන මාලාවක සිංහල පරිවර්තනයකි. එහිදී යථාර්ථවාදී, නූතනවාදී හා පශ්චාත් නූතනවාදී නවකතා ප්‍රවර්ග තුනම නාභිගත වීම, පසුබිම, පාඨකයා, චරිත, තේමා, වටිනාකම්,

2022 අප්‍රේල් 5

X ​කණ්ඩායමේ ව්‍යාපෘතිය මඟින් විවිධ මහාද්වීපික දාර්ශනිකයන් ගණනාවක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ය. මේ දාර්ශනිකයන් හා දාර්ශනික ප්‍රවණතාවන් ගැන අදහස් පළ කිරීමට හෝ විවේචනය කිරීමට තරම් අවබෝධයක් තිබුණු අය ශාස්ත්‍රීය ආයතනවල සිටියේ ද නැත. මේ ප්‍රවණතා දෙස විචාරාත්මක ව බැලීමට සමත් දියුණු මාක්ස්වාදීන් ද ලංකාවේ සිටියේ නැත. නිව්ටන් ගුණසිංහ, කීර්ති බාලසූරිය වැනි අය මිය ගොස් ...

2022 මාර්තු 30

ඉවුරු නවකතාවෙහි කතුවරිය වන කැත්ලීන් ජයවර්ධනට වර්තමාන සමාජය පිළිබඳ තදබල විවේචනයක් ඇත. පන්සල්වල රණවිරු උත්සව පැවැත්වීම, දේශපාලකයන්ගේ අමන ක්‍රියා ගැන කෙරෙන සඳහන් කිරීම්, පාතාල ක්‍රියා, 71, 83, 89 වසර ආශ්‍රිත සියලු දෙනා දන්නා සිදු වීම් ආදි බොහෝ දෑ ඔබට මෙහි දී හමු වෙයි. දේශපාලකයින් ඇතුළු බලවත්තු මිනිසුන් රැවටීම සඳහා එකමුතුව, සංහිඳියාව ආදි හිස් වදන් පට්ට ගසති; ...

2022 මාර්තු 9

වර්ෂ 2000 පමණ කාලය වන විට නලින්, චම්පික වැනි අය මතු කළ දාර්ශනික සාකච්ඡා අවසන් වෙමින් පැවතුණු අතර ඔවුන් වේගයෙන් ජාතිකවාදයෙන් ජාතිවාදී දිශාවන්ටත්, ආගම්වාදී දිශාවන්තටත්, දෙමළ කොටි ව්‍යාපාරයට එරෙහිවත්, අන්‍ය ආගමික විරෝධය ආදි ප්‍රවේශයන් දක්වාත් ගමන් කරමින් සිටියහ. දේශපාලන ආර්ථික විද්‍යා හා ආර්ථික අධෝව්‍යූහාත්මක ක්‍ෂේත්‍ර ගැන කරන සාකච්ඡාවන් වෙනුවට උපරි ව්‍යූහාත්මක ...

2022 පෙබරවාරි 17​

ප්‍රවේශය

90 දශකයේ සිංහල නවකතාව ස්වඅනන්‍යතාවයෙන් හා ප්‍රතිභාපූර්ණ සාහිත්‍යමය විශිෂ්ටත්වයෙන් යුක්තව පෝෂණය කළ නවකතාකරුවෙකු වූ වීරපොකුණේ උපරතන හිමි (1947- 2021) පසුගිය දිනක අප අතරින් සමු ගත්තේය. හදිසි අනතුරකින් මිය යන විට උන්වහන්සේ හැත්තෑ හතර හි වියෙහි පසුවූ අතර දිගුකලක් සාහිත්‍ය කටයුතු ....

2022 පෙබරවාරි 13

මවිසින් හෙගල් සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් ඇති කිරීමට කලින් විශ්වවිද්‍යාලීය ශාස්ත්‍රීය සම්ප්‍රදාය තුළත් විශ්වවිද්‍යාලවලින් පිටත දේශපාලනමය සංවිධානයන් තුළත් සීමිත ආකාරයකට හෙගල් ගැන සාකච්ඡාවන් කෙරී ඇත. මුලින් ම ශාස්ත්‍රීය සම්ප්‍රදායේ මේ සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් ලියවී තිබෙන්නේ මොනවා ද යන්න සොයා බලමු. මෙහි දී මා පරික්‍ෂා කරනු ලබන්නේ දාර්ශනික විෂය ...

2022 පෙබරවාරි 6

චිත්‍රය ධනේශ්වර විඥානයේ සහ සංස්කෘතියේ අවියෝජනීය අංගයක් ලෙස හෙළාදකිමින් එය හුදෙක් දෘෂ්ටිවාදී මෙවලමක් ලෙස සලකා මර්ධනයට ලක් කිරීමට කලාකරුවන් පෙලඹවීම අද නිල පශ්චාත්-ශාස්ත්‍රාල මතය වී ඇත. එම මතය තහවුරු කරන ප්‍රදර්ශන හා කලා කඳවුරු වෙත කලාකරුවන් කැඳවීම අද සුලබ ලෙස සිදු වේ. ඇතැම් විට ලෝක කලා වෙළඳපළට චිත්‍ර සපයන අතරේ ආර්ථික හේතු නිසා කිසිදු කලා කෘතියක් මිලට ...

2022 පෙබරවාරි 5

අදහසේ භෞතිකය

යම් පුද්ගලයකු තවදුරටත් සමාජ ව්‍යාපාර ගැන සිතනවා නම් ඔහු හෝ ඇය හෙගල් අධ්‍යයනය කළ යුතු ය. සමාජ ව්‍යාපාර මට්ටමින් ඔබ්බට ගොස් සමාජ වෙනසක් ගැන සිතනවා නම් ඔහු හෝ ඇය හෙගල් වඩාත් හොඳින් ග්‍රහණය කර ගත යුතු ය. එමෙන් ම යමෙකුට යම් අවකාශයක් තුළ අදහසක් රෝපණය කිරීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය හෙගල් අධ්‍යයනය කළ ...

2022 ජනවාරි 31

“ආරාමදාස” කතාවට අවකාශීය පසුබිම වන්නේ පොළොන්නරු රාජධානි සමයේ ඉදි කළ තිවංක පිළිම ගෙය ආශ්‍රිත නටබුන් සහිත ප්‍රදේශය යි. කාලය වශයෙන් ගත් විට කතාව ආරම්භ වන්නේ එක්දහස් නවසිය පණස් ගණන්වල ය. එම බිමේ බැල්පාටිය සමඟ පුරාවිද්‍යා කැණීම් කටයුතුවල නිරත ව සිටින රන්හාමිගේ පුතණුවන් වූ හේමරත්න කතාවෙහි කේන්ද්‍රීය චරිතය වන්නේ ය. ඒ හැරුණු කොට කතාව තේමාත්මක වශයෙන් ...

2022 ජනවාරි 31

ඇන්ටන් චෙකොව්ගේ ‘බල්ලා කැටුව යන කාන්තාව’ කෙටිකතාවේ පෙරදැක්මක් වැනි ලියනාඩෝ ඩා වින්චිගේ ‘සුදු මුගටියකු සමඟ නෝනා’ (Lady with an Ermine) චිත්‍රය තුළ විදග්ධ ස්ත්‍රීත්වය හා සත්වයා එක තැන ආලේඛගත වන්නේ සුපුරුදු ප්‍රභූ ආලේඛ සම්ප්‍රදාය හෝ ස්වාභාවිකවාදය (Naturalism) තුළ කිය නොහැකි මනෝභාව හා දුරවබෝධහැඟීම් ප්‍රකාශ කරමිනි. ඉතාලියේ මිලාන්හි සිටුවරයා වූ සොෆොර්සා විසින් ලියනාඩෝ ඩා වින්චි ...

2022 ජනවාරි 27

සිංහල සෞන්දර්යවේදය තුළ චිත්‍රය හා මූර්තිය සම්බන්ධයෙන් පවතින සහනුභූතිය, සහකම්පනය හා ලැදියාව තවමත් ස්ථාපනිකය හෙවත් කලාගාරය තුළ ඉදි කර ඇති අට්ටාලමය කලා කෘතියක් දක්වා ව්‍යාප්ත වී නැත. එය මෙරට ප්‍රදර්ශන කලාව තුළ තවමත් අප්‍රභංසයක්, ප්‍රහේලිකාවක්, අහඹු ඇටවුමක් ලෙස නරඹන්නාගේ ඇස ඉදිරියේ අවසානය දැකීම අතිශය කණගාටුවට කරුණකි. ...

2022 ජනවාරි 14

රසවාදයෙන් ඇරඹුණු සිංහල සෞන්දර්යවේදයේ දිගු ගමන පසුගිය දශකය පුරා යථාර්ථවාදය මතු නොව ගොතිකය, ඩාඩා, අධියථාර්ථවාදය සහ අවෛෂයික කලාව හෙවත් ඇබ්ස්ට්‍රෑක්ට් කලාව පිළිබඳ නන්දෙඩවීමෙන් පසුව, මැජිකල් යථාර්ථවාදය සමකාලීන කලා දිවියේ දෛනික පැවැත්ම වෙනුවෙන් පරම සත්‍යය ලෙස භාර ගන්නා සෞන්දර්යවේදය බවට පත් කර ගෙන ඇත. එම ව්‍යාජ සෞන්දර්යවේදය ...

2022 ජනවාරි 14

ප්‍රවේශය

ලිපියේ අරමුණ නූතන සිංහල සාහිත්‍යය - විශේෂයෙන්ම නූතන සිංහල නවකතාව පිළිබඳ සාකච්ඡා කිරීමයි. එහිදී මගේ අවධානය යොමු වන්නේ එක්, එක් නවකතා වෙන වෙනම ගෙන සාකච්ඡා කිරීම සඳහා නොව සමස්ත සාහිත්‍ය කතිකාව සලකා බලමින් එම කතිකාව වර්තමානයේ පසු කරන මොහොත පිළිබඳ සාකච්ඡා කිරීමයි.

2022 ජනවාරි 4

මෑතක සිට ශ්‍රී ලංකාව තුළ “නව වාම විචාර කලාවක්” බිහි කිරීමේ කතා බහක් පැන නැඟ තිබේ. එහි ප්‍රමුඛ ප්‍රකාශකයා බවට පත් ව ඇත්තේ දේශපාලන ක්‍රියාධරයකු හා සාහිත්‍යකලා විචාරකයකු වන විදර්ශන කන්නන්ගර ය. එය ඔහු නම් කරන්නේ “ප්‍රතිහෙජමොනික විවේචක කලා විචාරය” නමිනි. එකී විචාර මඟ හඳුන්වා දෙමින් ඔහු තමන්ගේ “අවතාරය” සඟරාවේ 2019 කලාපයට “පශ්චාත් මාක්ස්වාදී කලා විචාරයට ඇරඹුමක්! විවේචනාත්මක කලාව, ...

2021 දෙසැම්බර් 8

(ඉයන් කැමරන් සංස්කරණය කළ The Films of Robert Bresson නම් කෘතියේ එන ලිපියක් ඇසුරිනි)

‘රොබට් බ්‍රෙසෝන් (Robert Bresson) ප්‍රංශ සිනමාවට වැදගත් වන්නේ ඔහු එක්තරා අයුරකින් ජර්මනියට මෝර්සාට් හා රුසියාවට ඩස්ටොයෙව්ස්කි මෙන් වන නිසයි. යාන් ලූ ගොඩා (Jean Luc Godard) - ප්‍රංශ නවරැල්ලේ සිනමාකරුසිනමාවේ කතෘත්ව සංකල්පය (Autera Theory) යන්න කිසියම් ...

2021 නොවැම්බර් 26

හෙගල්ගේ නිෂේධනය පිළිබඳ සංකල්පය ගැන මෑත කාලයේ දී සැලකිය යුතු දාර්ශනික කතිකාවක් බිහි වී ඇත. මෙහි දී අනුභූතමය නිෂේධනය, සමපේක්‍ෂණ නිෂේධනය, පරම නිෂේධනය හා රැඩිකල් නිෂේධනය යන ඒවා සාකච්ඡාවට ලක් වී ඇත. පශ්චාත් හෙගලියානු අර්ථකථනයන් තේරුම් ගැනීමට ඇති වඩාත් ම වටිනා කවුළුව වන්නේ මේ නිෂේධන සංකල්පය ය. හෙගල්ගේ මතිය පිළිබඳ සංකල්පයේ සාරය වන්නේ පරම නිෂේධනය ය. ...

2021 නොවැම්බර් 2

හෙගල් තමන්ගේ Encyclopedia Philosophical Sciences පළමු කොටසේ දක්වන ආකාරයට (Hegel 2010, 68) ආත්මය පිළිබඳ විද්‍යාවක් බවට පත්වීම සඳහා ප්‍රජානනයේ ආත්මීය ක්‍රියාකාරීත්වයේ අභ්‍යන්තරික ව්‍යූහය ස්වයං-විශ්ලේෂණයේ අන්තර්ගතය බවට පත් විය යුතු ය. යම් ක්‍ෂේත්‍රයක් විද්‍යාත්මක වීම සඳහා ඉතාමත් දැඩි තාර්කික පැහැදිලි කිරීමක් අවශ්‍ය කෙරේ. එහි දී පූර්ව උපකල්පන විරහිත ආරම්භයක් (presuppositionless begining) ගත යුතු අතර සත්‍යය ...

2021 ඔක්තෝබර් 17

මෙම ලිපි පෙළෙහි පළමුවන කොටසින් පෙන්වා දුන්නේ හෙගල් මියගොස් වසර දෙසීයකට ආසන්න වෙමින් පවතින කාලයකත් ඔහුගේ නිෂේධනය නම් සංකල්පයේ අතිමහත්බලය නිසා ඔහු අදටත් ජීවමාන දාර්ශනිකයකු වෙන බව යි. හෙගල්ගේ පළමු වන පොත වන Essay on the Difference between Fichte’s and Shelling’s System of Philosophy කෘතියේ සිට ඔහු නිෂේධනය පිළිබඳ සංකල්පය වර්ධනය කර තිබෙන බවත්, දයලෙක්තියෙන් පෙන්නුම් කරන්නේ...

2021 ඔක්තෝබර් 17

අනුක් අරුද්ප්‍රගාසම් මේ වසරේ ලියූ A Passage North (උතුරට ගමනක්) නම් නවකතාව මෙවර බුකර් ත්‍යාගය සඳහා නිර්දේශිත නවකතා කීපය අතරට තේරී පත් ව ඇත. ඇමරිකාවේ කොළොම්බියා විශ්වවිද්‍යාලයෙන් දර්ශනවාදය පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබ ගත් මෙහි කතුවරයා කොළඹ නගරයේ උපත ලැබූවකු ...

2021 ඔක්තෝබර් 2

අප රට උගතුන්ගෙන් ඉතා ටික දෙනෙකුන් හැර අනික් සියල්ලන්ම ආනන්ද කුමාරස්වාමි හඳුනන්නේ කලා විචාරකයකු ලෙසින් බව කියමිනි, මාර්ටින් වික්‍රමසිංහ සිය ‘නූගත්කම හා සංස්කෘතිය’ නමැති ලිපිය ආරම්භ කරන්නේ. තත්කාලීන උගතුන්ගේ ශාස්ත්‍රීය සීමා මායිම්වල සිරගත වී නොසිටි මාර්ටින් වික්‍රමසිංහ එසේ තම ලිපිය ආරම්භ කරන්නේ ආනන්ද කුමාරස්වාමි පිළිබඳ ඒ උගතුන් දෙපාර්ශවයෙන්, එනම් ඔහු හුදෙක් කලා විචාරකයකු ...

2021 සැප්තැම්බර් 27

මගේ දැනීමේ හැටියට බටහිර සම්භාව්‍ය සංස්කෘතිය කියන්නෙ මිනිසා කියන සත්වයාගෙ වාර්ගික බලයන්, හැසිරීම්, අපේක්ෂා, සබඳතා,සෞන්දර්ය මානයන් ඉගෙනගන්න තියෙන හොඳම විශය ක්ශේත්‍රය. කොපමන ආකර්ශනීය වුවත් මෙම විශය ක්ශේත්‍රයට සමීප වෙන්න දුප්පතුන්ට, පහල මධ්‍යම පන්තිකයන්ට බැරි වුනා. ඒ කාරනා දෙකක් නිසා. එකක් ඉංග්‍රීසි භාශාව. අනෙක එම විශය ක්ශේත්‍රයෙන් රැකියා සඳහා රුකුලක් නොලැබීම. ඒ නිසා මේ විශය ...

2021 සැප්තැම්බර් 27

කීර්ති වැලිසරගේ ප්‍රකට කෙටිකතාකරුවෙකි; නවකතාකරුවෙකි. 1994 දී ගස් කට්ටිය නම් කෙටිකතා සංග්‍රහය ලියමින් ආරම්භ කළ ඔහුගේ කෙටිකතා නිර්මාණාවලිය අඛණ්ඩ ව ගලා යෑම අපට දක්නට ලැබේ. “දිගු තත්පර” ඔහු ලියූ දස වෙනි කෙටිකතා සංග්‍රහය යි. කීර්තිගේ නිර්මාණ අතරෙහි උසස් කෙටිකතා ගණනාවක් වෙයි. ඒවා පාඨක විචාරක පැසසුමට නොමඳ ව ලක් වී තිබේ. ඔහු ලංකාවේ සිටින කෙටිකතාකරුවන් අතර ඉදිරි පෙළෙහි සිටින බව ...

2021 සැප්තැම්බර් 13

මේ ලිපියෙන් මා අපේක්ෂා කරන්නේ නූතන සිංහල සාහිත්‍ය විචාරය පිළිබඳ කෙටි සාකච්ඡාවක නිරත වීමයි. මා සිතන ආකාරයට නූතන සිංහල සාහිත්‍ය විචාරය යනු කිහිපදෙනකු විසින් පාළු ගෙයක වළං බිඳීමක් වැනි නිරර්ථක අභියෝග විරහිත කාර්යයකි. මේ කාර්යයෙන් මූලික කාරණා දෙකක් ඉටුවෙමින් පවතී.

මේ වලං බිඳීම සිදු කරන කිහිප දෙනාගේ ප්‍රතිරූප විශාලනය වී ඔවුන් වීරයන් ...

2021 සැප්තැම්බර් 18

ප්‍රගතිය පිළිබඳ අදහස බිඳ වැටී ඇති යුගයක නූතනත්වය පිළිබඳ අපේක්ෂාවන් වියැකී ඇති යුගයක ප්‍රගතිය ගැන විශ්වාසය තැබූ නුතනවාදී දාර්ශනිකයෙකු වූ හේගල් කියවීම කෙතරම් යුක්තියුක්ත ද? ආගම පිළිබඳව, පරමත්වය පිළිබඳව අපේක්ෂාවක් නැති යුගයක හේගල් කියවීම ප්‍රයෝජනවත් කටයුත්තක් ද? මාක්ස්වාදය, සාංදෘෂ්ටිකවාදය, මනෝවිශ්ලේෂණය, ප්‍රපංච විද්‍යාව, ව්‍යුහවාදය, පශ්චාත්-ව්‍යූහවාදය, නව්‍ය-උපයෝගීතාවාදය, පශ්චාත්-නූතනවාදය, ...

2021 සැප්තැම්බර් 13

නෙළුම් මල පවිත්‍රතාවේ පුරාවෘත්තයක් නම් ඒ දියෙහිම වෙසෙනා ගෙම්බා කවර පුරාවෘත්තයක් ද? නෙළුම් මල ස්වාභාවික භාෂාව තුළ දී හුදෙක් ජලජ කැලෑ මල් වර්ගයක් වූවත් එය එම භාෂාවෙන් සොරා ගෙනතිබෙන අපි එය ජාතික පුරාවෘත්තයක් බවට පත් කර ගෙන සිටිමු. අශෝභන පෙනුම, ඝෝෂාව හා සෙවෙල ගතිය නිසා මැඬියා අපගේ පුරාවෘත්තකරණය තුළ පුරාවෘත්තයක් බවට පොලා පනින්නේ නැති නමුත් ඒ කැත, ඝෝෂාකාරී, සෙවෙල සත්වයා ...

2021 සැප්තැම්බර් 13

(ෆ්‍රෙඩ්රින් ජෙම්සන් විසින් රචිත The Benjamin Files නම් කෘතිය සම්බන්ධයෙන් London Review of Books හි පළ වූ ලිපියක පරිවර්තනයකි.

වෝල්ටර් බෙන්ජමින් කෙදිනකවත් සම්ප්‍රදායික අර්ථයෙන් පොතක් ලියා නැති බව ෆ්‍රෙඩ්රික් ජෙම්සන් මේ අධ්‍යයනයේදී පෙන්වා දෙයි. පසුව The Origin of German Tragic Drama ලෙසින් ඉංග්‍රීසියට පරිවර්ථනය කෙරුණු ජර්මානු බැරොක් රංගය පිළිබඳ ඔහුගේ ලියවිල්ල පොතක් ලෙසින් පළ කෙරුණු නමුත් 1920 ...

2021 සැප්තැම්බර් 5

කොළඹ හා මාලදිවයින ප්‍රංශ තානාපති කාර්යාල මඟින් පවත්වන ලද ‘දූපත’ 2021, ප්‍රංශ වසන්ත ඡායාරූප සැණකෙළියේ (The Island, French Spring Festival) මුල් තැන දිනා ගත් ගාමිණී අක්මීමනගේ ‘සොහොයුරියෝ’ සේයාරුව කුරුණෑගල නිවුන් දරුවන් විය හැකි කුඩා ගැහැනු ළමුන් දෙදෙනකුගේ කළු සුදු පිළිබිඹුවකි. ඒ දෙදෙනා එක සමාන මෝස්තරයේ ගවුම් දෙකකින් සැරසී සිටිති. ඒවා සමහර විට ඔවුන්ගේ හොඳම වස්ත්‍ර විය හැකි ය. ඒවා තත්කාලීන...

2021 සැප්තැම්බර් 1

අධිරාජ්‍යවාදය හා ඊට එරෙහිව දියත් වුණු අරගල මෙන්ම අධිරාජ්‍යවාදයෙන් නිදහස ලැබීමෙන් පසු ඇති වුණු ස්වාධීන රාජ්‍යයන්ගේ පාලනය, බලයට පත් වුණු ස්වදේශීය පංතීන්ගේ ස්වභාවය, පාලනය හා දූෂණය යනාදි කාරණා පිළිබඳව ද ඉතාමත් පුළුල් සංවාදයක් ඇති වුණු රටක් තුළ ජෝසප් කොන්රඩ්ගේ සාහිත්‍යය මුළුමනින් ම අමතක කර දැමීම විවාදාත්මක කාරණයකි. ඉන් ඇති වන විමතිය අධිරාජ්‍යවාදය පිළිබඳ ජාතික විවේචනයේ පටු බව මෙන්ම...

2021 අගෝස්තු 22

සංගීතඥ ලලනාත් දි සිල්වා විසින් සම්භාව්‍ය සංගීතය අරභයා ඉංග්‍රීසි බසින් මෙහෙයවනු ලබන ‘නෝට්වර්දි’ (NoteWorthy) සූම් සාකච්ඡා මාලාව යටතේ පසුගිය මැයි මස 29 වෙනි දා ප්‍රේමසිරි කේමදාස අංකය විකාශනය විය. ලලනාත් ද සිල්වා, අනූපා කේමදාස පෙරේරා සහ ගයාත්‍රි කේමදාස සහභාගි වූ මේ වැඩසටහන විකාශනය වන අතරේ ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ සිනමා සංගීත නිර්මාණ, පිරිනිවන් මංගල්‍යයේ සංගීත ඡේද මෙන්ම ගයාත්‍රි කේමදාසගේ ...

2021 අගෝස්තු 22

'ලොව විශිෂ්ඨතම සිනමාකරුවකු සේ සැලකෙන, මෙක්සිකෝ ජාතික කාලෝස් රෙගෙඩාස් විසින් කරන ලද දේශනයක් ඇසුරෙන්'

සිනමා කෘතියකදී ප්‍රධාන වශයෙන්ම සිදූවන්නේ හොඳ කථාවක් කීම බව ලොව පුරා, විශේෂයෙන්ම බටහිර රටවල මුල් බැසගත් කියමනක් බැව් කිවයුතු නොවේ. එකී මතය පිළිගන්නේ නම් සිනමා භාෂාව සතු සක්‍යතාවත් බොහෝමයක් අමතක කිරීමට හෝ නොසලකා හැරීමට ඔබට සිදූවනු නොඅනුමානය. ...

2021 ජූලි 27

අමරසේකරගේ සාහිත්‍යයේ විශාලත්වය ඔහුගේ දේශපාලන දෘෂ්ටිවාදය මගින් යෝජනා කරනු ලබන නව ජනතාවාදී හා ජාතිකවාදී මුහුණුවරකින් යුතු චූලත්වය ඉක්මවා යන අතර ඊට සරදම් කරනු ද පෙනේ. කවර දෘෂ්ටිවාදී පරිහානියක්, පරාභවයක්, හායනයක් ඔස්සේ වූවත් ඔහු චූල කලාව, ජනප්‍රිය කලාව හෝ ජර්මානු ෆ්‍රෑන්ක්ෆර්ට් චින්තකයින් විසින් හදුනා ගන්නා ලද සරුවපිත්තල පකිස් කලාව හෙවත් 'කිච්’ (kitsch) ඔසවා තැබුවේ නැත. ...

2021 ජූලි 13

ප්‍රශ්නයේ පසුබිම

ලුවී අල්තුසර් මාක්ස්වාදියකු වශයෙන් න්‍යාය සංකල්ප ගත කිරීමේ දී සාංදෘෂ්ටිකවාදයට මෙන් ම හෙගලියානුවාදයට ද විරුද්ධ විය. විශේෂයෙන් ම මේවායින් මතු කළ ආත්මීයවාදයට (subjectivism), මානවවාදයට (humanism) හා ඉතිහාසවේදයට (historicism) ඔහු එරෙහි විය. ආත්මීයවාදය සාංදෘෂ්ටිකවාදයේ ම කොටසක් විය. ...

2021 ජුනි 15

දශක ගණනාවකට ඉහත ‘සිනමාව‘ යන්න වැදගත් කලා මාධ්‍යක් සේ බුද්ධිමතුන් ගේත්, විචාරකයින්ගේත් අවධානයට පාත්‍ර නොවීම කැපී පෙනෙන්නකි. එය හුදු පහල මධ්‍යම පාන්තික පිරිස් වල විනෝද මාධ්‍යයක් මිසක, සාහිත්‍යය, සංගීතය, නාට්‍යය හෝ චිත්‍ර ශිල්පය වැනි සම්භාව්‍ය ගණයේ ලා සැලකිය හැකි කලා මාධ්‍යයක් සේ සලකනු නොලැබීය. එයට ප්‍රධානතම හේතුව වූයේ සිනමා කැමරාව සැබෑව වාර්තා කරන උපකරණයක් වීමයි. ...

2021 ජුනි 6

මාක්ස්වාදය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අය, මාක්ස්වාදය සමඟ වෙනත් දැනුම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් නව පද්ධතීන් බිහි කිරීමට උත්සාහ කළ අය මෙන් ම මාක්ස්වාදය විවේචනයට ලක් කළ අයත් මාක්ස්වාදී ඉතිහාසකරණයේ සුවිශේෂ තැන් කීපයක් දැනුවත්ව හෝ නොදැනුවත්ව නොසලකා හැරීම නිසා විකෘතීන් රැසක් බිහි විය.ලංකාවේ බොහෝමයක් මාක්ස්වාදීන් මාක්ස්ගේ Communist Manifesto කියෙව්වත් ...

2021 මැයි 14

අනුරාධා නිල්මිණි ලේඛිකාවගේ “පංචස්තම්භ” නම් නවකතාවේ ප්‍රධාන චරිතය විරාග නම් කවියෙකි. කතාව දිග හැරෙන්නේ කවියා අනතුරකින් මිය යාමෙන් පසු ගන්ධබ්බයකු ලෙස ඔහු ලබන අත්දැකීම් මාලාවක් ඇසුරෙනි. සිය මිනී පෙට්ටියේ වැතිර සිටින විටත් ඉන් පිට ව අවට සැරි සරණ විටත් සිය පූර්ව ජීවිතයට සම්බන්ධිත පුද්ගලයන්ගේ යථාර්ථය දැක ගන්නට ඔහුට අවස්ථාව ලැබේ. ඒ සඳහා පළමු පරිච්ඡේදය වෙන් වෙයි. ...

2021 මැයි 8

හෙගලියානු අඩවිය 10 වන ලිපියේ සාකච්ඡා වූ ‘හෙගලියානු දයලෙක්තිකය’ නම් තේමාව මේ ලිපිය තුළ තවදුරටත් විකාශනය කරනු ලැබේ. එම ලිපියෙන් හෙගලියානු දයලෙක්තිකය පිළිබඳ පහත දැක්වෙන කරුණු තහවුරු කෙරිණ:(1) හෙගලියානු දයලෙක්තිකය ගමනක් ආකාරයටත් එමෙන් ම විද්‍යාවක් ආකාරයටත් ප්‍රකාශයට පත් වෙයි.(2) තව ද, එයට පාරකාලික මානයක් මෙන් ම සමකාලික මානයක් ...

2021 මැයි 8

කුලතිලක කුමාරසිංහ මහාචාර්යතුමා විසින් රචිත 2013 සිංහල නවකතා විචාර ග්‍රන්ථය කරුණු කිහිපයක් අතින්ම වැදගත් කෘතියක් වෙයි. 2013 වර්ෂයේ රචිත ප්‍රවීණ සහ ආධුනික ලේඛක ලේඛිකාවන්ගේ නවකතා පිළිබඳව පාඨකයා දැනුවත් වීම සහ එම නවකතා පිළිබඳව ඉතා ගැඹුරු විශ්ලේෂණාත්මක විචාර කියවා එම කෘතීන් ගැන ගුණ දොස් දැනගැනීම මහඟු කාර්යයක් වෙයි.නවකතා 85ක පමණ විචාර මෙම ග්‍රන්ථය තුළ අඩංගු වී ඇත. ...

2021 අප්‍රේල් 24

👨 ​​​​​එස්. විජේසූරිය | ආරියතිලක පීරිස්

හංස සන්දේශය ලියැවුණු පහළොස්වන සියවස, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආර්ථික, පරිපාලන, සමාජ රටාවේ මෙන්ම සාහිත්‍ය සංස්කෘතික අංශ වලට මූලික වෙනස්කම් රැසක් ඇති කළ මෙරට ඉතිහාසයේ අපර වැඩවසම් යුගය ලෙස සැලකිය හැක. සමකාලීන සමාජ යථාර්ථය හංස සන්දේශය තුළින් කොතෙක් දුරට පිළිබිඹු වේ දැයි විමසා බැලීම මෙහි මූලික අරමුණයි. එතෙක් සිංහල පද්‍ය සාහිත්‍යයෙහි ප්‍රමුඛ තේමාව බවට පත්ව ...

2021 අප්‍රේල් 1

හෙගල්ගේ දයලෙක්තිකයට රූපික හෝ ආකෘතික ආකාරයේ නිර්වචනයන් සැපයිය නොහැකි ය. මෙම දයලෙක්තිකය කුමක් ද යන්න හඳුනා ගැනීමට නම් එය හෙගල්ගේ ප්‍රධාන කෘතීන් තුළ විස්තර වී හෝ නිර්වචනය වී හෝ භාවිතයට යෙදී තිබෙන්නේ කෙසේ ද යන්න සොයා බැලිය යුතු ය.හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංච විද්‍යාව කෘතියේ සත්‍යය හා ඉතිහාසය සම්බන්ධයෙන් දයලෙක්තික විග්‍රහයන් ඉදිරිපත් වී ඇත. පරමාත්මයේ තාර්කික සාරයට ...

2021 මාර්තු 19​

කාලයකට පසු අපට හොඳ නවකතාවක රස විඳින්නට අවස්ථාව සැලසී තිබේ. එය ඉදිරිපත් කෙරෙන්නේ ලංකාවේ පැවති භීෂණකාරී වාතාවරණය සමයේ මධ්‍යම පාන්තික පුවත්පත් කලාවේදියකුගේ ආත්ම කථනයක් ලෙසිනි. මනුෂ්‍ය හෘදයක භීතිය පැතිර යාමත් එයට ගොදුරු වූ පුද්ගලයාගේ සුවිශේෂ හැසිරීම්, සිතුම් පැතුම් හා හැඟීම් ආදියත් ඉතා සියුම් ආකාරයට එළිමහනට ගැනීමට කතුවරයා සමත් වී තිබේ. ඒ සඳහා කතුවරයා පුවත්පත් කලාවේදියා මුහුණ දෙන සිදු වීම් මෙන් ම ...

2021 මාර්තු 19​

සිනමා ඉතිහාසය පිරික්සීමේ දී ඇතැම් සිනමාකරුවන් සිය නිර්මාණ හරහා හුදු කථාවක් කීම වෙනුවට කිසියම් අනුභූතී උත්තර ස්වභාවයක් (Transcendental) ගොඩනැඟීමට උත්සාහ කළ බවක් පෙනේ. ඔව්හූ සිනමා කලාව හරහා කිසියම් අධ්‍යාත්මික භාව නිරූපණයක් ගොඩ නගති. ජපානයේ යසුජිරෝ ඕසු, ප්‍රංශයේ රොබර්ට් බ්‍රෙසෝන්, මෙන්ම කිසියම් ප්‍රමාණයකින් ඩෙන්මාර්කයේ කාල් ඩේ‍රයර් හා වෙනත් රටවල අධ්‍යක්‍ෂවරු කිහිපදෙනෙක් ද ...

2021 මාර්තු 5

“බාණ කුසුම්” කත්‍යානා අමරසිංහ ලේඛිකාවගේ අලුත් ම නවකතාව යි. හරිස්චන්ද්‍ර ශබ්දකෝෂය අනුව ග්‍රන්ථ නාමයේ අරුත “අනංගයාගේ මල් හී” යන්න යි. මේ ඇගේ සිව් වෙනි නවකතාව වේ. මීට පෙර ඇය නිලි වැස්ස (2014), වණ්ණදාසි (2016) හා ධරණී (2018) යන නවකතා රසිකයා අතට පත් කොට ඇත. එම කෘති සියල්ල ම ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටයට නිර්දේශ වී තිබුණි. දැනට මත් “බාණ කුසුම්” සමාජ මාධ්‍ය කතිකාවන් තුළ ලිංගිකත්වය පිළිබඳ නිර්භීත, ...

2021 පෙබරවාරි 26​

දර්ශන ඉතිහාසය තුළ හෙගල්ව හඳුනා ගන්නේ විඥානවාදියෙකු ලෙසටය. වඩාත් නිවැරදිව කීවොත් පරම විඥානවාදියෙකු (Absolute Idealist) ලෙසටය. භෞතිකවාදයට ප්‍රතිවිරුද්ධ අන්තයක හෙගල්ව තැබීම සාමාන්‍ය දාර්ශනික පුරුද්දය. හෙගල් භෞතිකවාදය සම්බන්ධයෙන් විචාරයක් කර තිබෙන බවත්, ද්‍රව්‍යය (matter) සම්බන්ධයෙන් සුවිශේෂ වශයෙන් සාකච්ඡා කර තිබෙන බවත්,දියුණු භෞතිකවාදයක් ගොඩනැගීමේදී හෙගල්ව අතිශයින්ම වැදගත්...

2021 පෙබරවාරි 13

“අන්නපූර්ණ” යනු සාගර විජේසේනගේ අලුත් ම කෙටිකතා සංග්‍රහය යි. එහි “පියා සහ පුතා”, “වරණාසි”, “සිත්තම”, “අන්නපූර්ණ” සහ “මතක වේදනාව” නම් වූ කතා පහක් අන්තර්ගත ය. මේ සෑම කෙටිකතාවක ම ගැඹුරු තේමාවක් මතු කිරීමේ ප්‍රයත්නයක් අපට දක්නට ලැබේ. තේමාත්මක වශයෙන් ගත් කල්හි මේ තේමා අඩු වැඩි වශයෙන් අර්ථවත් බව හැඟේ. සමාජය කෙරෙහි කතුවරයා දක්වා ඇති බරපතළ ආකල්පය අපේ සිත් ගනී. එවැනි වැකියක් අවධාරණාත්මක ව ...

2021 පෙබරවාරි 13

වර්ෂ 1966 දී තිරගත වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ හතරවැනි වෘත්තාන්ත චිත්‍රපටය, ʹ දෙලොවක් අතර ʹ ඔහු විසින් කළ පරිපූර්ණ සිනමා නිර්මාණයක් සේ සැලකීමට බොහෝ දෙනා මැලිවෙති. එම චිත්‍රපටය තිරගතවූ යුගයේදී එය අගය කරමින් අදහස් දැක්වූවන් අතර සිටියේ ස්වල්ප දෙනෙකු පමණක් බැව් මගේ මතකයයි. දේශීය සිනමා වංශකථාව තුළ මෙතෙක් නිර්මාණය වී ඇති විශිෂ්ටතම චිත්‍රපට 10 අතරද එයට ස්ථානයක් හිමිවී නැත. එකී ලැයිස්තුවේ ඉහලින්ම ඇත්තේ ලෙස්ටර් ...

2021 ජනවාරි 28

ධර්මසේන පතිරාජ නැමැති ශ්‍රි ලාංකික සිනමාවේ දේශපාලන සිනමාකරුවා තම දිවියෙන් සමුගෙන 2021 ජනවාරි 28 වන දිනට දෙවසර පිරෙණු ලබයි. KINEMA නමින් පලවන “සිනමාව සහ ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යය සඟරාවට “ශ්‍රි ලංකා සිනමා අධ්‍යක්‍ෂක ධර්මසේන පතිරාජ සමඟ සාකච්ඡාවක්“ යන හිසින් ලිපියක් බ්‍රැන්ඩන් වි විසින් 2004 වර්ෂයේදි ඉංග්‍රීසි බසින් අන්තර්ජාලයට මුදාහැර තිබිණි. එය සිංහල බසට මෙතෙක් පරිවර්තනය නොවී තිබිණ. පතිරාජගේ සිනමා දෘෂ්ටියේ ධනාත්මක...

2021 ජනවාරි 28

බොහෝ දෙනා විශ්වාස කරන්නේ තර්කොව්ස්කිගේ චිත්‍රපට පහසුවෙන් අවබෝධ කොට ගත නොහැකි චිත්‍රපට විශේෂයක් බවයි. ඇත්තවශයෙන් ම ජීවිතය තුළ පවා එයාකාරයෙන් පැහැදිලි ලෙස අවබෝධ කොට ගත හැකි කිසිවක් වේද? ’කලාව හරහා යම් අරුතක් ප්‍රකාශවනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කිරීම මට නම් වටහාගත නොහැක්කකි. මන්දයත් ජීවිතය ද එවැනි නිශ්චිත අරුතක් ගෙන එන්නේ නැති නිසයි’යනුවෙන් ඩේවිඩ් ලින්ච් නම් විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂවරයා...

2021 ජනවාරි 19

පතිරාජ මහතා සහ මා අතර දීර්ඝ කාලයක මිතුරු සම්බන්ධතාවක් පැවති අතර ඔහු මෙරට ජිවත්වන සිනමාකරුවන් අතර ඍජු දේශපාලන ආස්ථානයක් ප්‍රකට කළ මෙන්ම තමන්ගේ දේශපාලන දැක්ම නොබියව ප්‍රකට කළ සිනමාකරුවෙකු ලෙස දැකීමද වරදක් නොවේ. එතුමාගේ චින්තනයේ ඍජු භාවය ප්‍රකට කළ අවස්ථා තුනක් මගේ මතකයට නැඟේ. මගේ පළමු මතකය ‘මතුයම් දවස’ චිත්‍රපටය රුපගත කළ කාලයයි. එම චිත්‍රපටයේ එක් දර්ශනයක් ...

2021 ජනවාරි 8

“අප්පච්චි අවිත්” නවකතාව පිළිබඳ විචාරයට ප්‍රවිෂ්ට විය හැකි හොඳ ම ක්‍රමය කුමක් දැයි මම බොහෝ වේලා කල්පනා කළෙමි. එසේ කල්පනා කරන විට මට පෙනී ගියේ කලකට පෙර මේ කෘතියේ කතුවර සමන් වික්‍රමාරච්චි මහතා විචාරකයකු ලෙස කළ ලිවීමක් මත පාදක වෙමින් මගේ විචාරය ලිවීම ඒ හොඳ ම ක්‍රමය බව ය. එම විචාරය ඔහු ලියා තිබුණේ එන්. ඒ. ද එස්. අමරතුංග ලියූ “පාවෙන පරඬැල්” කෘතිය අරබයා ය. එම විචාරයෙන් උදුරා ගත් කොටස පළමු ව කියවමු: ...

2020 දෙසැම්බර් 30

හැටෙි දශකයේ මුල්භාගයේදී මෙරට දී ප්‍රථම වරට සත්‍යජිත් රායිගේ 'පොථෙර් පංචාලි' චිත්‍රපටය තිරගත වූ දා සිට එය තවත් කිහිප වතාවක්ම විවිධ සිනමා උළෙලයන් හා වැඩමුලුවලදී ප්‍රදර්ශණය විය. ඕපු ත්‍රිත්වයයේ අනෙකුත් චිත්‍රපට එනම් 'අපරාජිතෝ' හා 'ඕපු සංසාර්' මෙරට නරඹන්නන්ට දැක බලා ගැනීමට හැකිවුයේ ඉන්පසුවයි. මෙකී චිත්‍රපට ත්‍රිත්වය තරම් මෙරටදී කථාබහට ලක්වූ , කිහිප වතාවක්ම ප්‍රදර්ශණය කළ වෙනත් විදේශීය චිත්‍රපටයක් පිළිබඳව ...

2020 දෙසැම්බර් 23

බණ්ඩාරනායක මහතා පිළිබඳ අද එළි දැක්වෙන කෘතිය සඳහා කෙටි වදන් කිහිපයක් එක් කරන්නැයි මට කළ ආරාධනාව මා පිළිගත්තේ ඉතා කැමැත්තෙන්. අද දින මුද්‍රණයෙන් එළිදැක්වෙන මේ කෘතියේ බණ්ඩාරනායක මහතා සම්බන්ධයෙන් මගේ කියවීම පිළිබඳ සංක්ෂිප්ත අදහසක් මා ඉදිරිපත් කර ඇත. එහි දී මා තර්ක කළ කරුණු දෙකක් ඇත. ඉන් පළමුවැන්න නම් ධර්මසිරි බණ්ඩාරනායක මහතා ඓතිහාසික පෙරටුගාමී නාට්‍ය කලාවේ ...

2020 දෙසැම්බර් 14

ප්‍රවීණ ලේඛක අජිත් තිලකසේන දැන් 87 වන වියේ පසුවෙයි. ඔහු අතින් කාව්‍ය සංග්‍රහ, කෙටිකතා සංග්‍රහ, නාට්‍ය පිටපතක් සහ ‘පාර දිගේ’ චිත්‍රපට තිර රචනය නිමැවුණ ද ඔහු වඩාත් ම ප්‍රකට ව ඇත්තේ කෙටිකතාකරුවකු ලෙසිනි. මේ ලිපියේ අරමුණ අජිත් තිලකසේනගේ කෙටිකතා පිළිබඳ කෙටි විමර්ශනයක් කරමින් ඒ ඔස්සේ කෙටිකතා කලාව පිළිබඳ අද්‍යතන සාකච්ඡාව පොහොසත් කිරීම ය. ඒ අර්ථයෙන් බැලූ විට මේ ලිපිය මේ වෙබ් අඩවියේ ම පළ වූ ...

2020 නොවැම්බර් 27

1870 දශකය වන විට ආතර් ෂෝපන්හවර් (Arthur Schopenhauer) ගේ දර්ශනය “යුරෝපය තුළ ඉහළ ස්ථානයක්” දිනාගෙන තිබුණේය. 19 වන සියවසෙහි මුල්භාගයහි දාර්ශනිකයන්,ලේඛකයන්,ගීත රචකයන් සහ කලාකරුවන් බොහෝ දෙනකු කෙරෙහි ඔහුගේ දර්ශනය බල පා තිබුණේය. නිට්ෂේ, ෆ්‍රොයිඞ්,හාඩි, ටෝල්ස්ටෝයි, මෑන් සහ ප්‍රවුස්ට් ඔවුනතරින් කිහිප දෙනකු පමණකි. ෂෝපන්හවර්ගේ දර්ශනයට අනුව, ලෝකය එකම කාසියක...

2020 ඔක්තෝබර් 20​

සිංහල කෙටිකතාව හා කවිය වර්තමානයේ යහපත් තත්වයක් අත්පත් කරගෙන ඇතත් නවකථාවේ තත්වය පවතින්නේ ඉතාමත්ම නරක මට්ටමකය. දිගින් දිගටම බිහිවන සම්මාන උළෙලවල නවකථාවට මිලක් නියම වීමත් සමඟ විශාල වශයෙන් නවකථා බිහිවෙතත් උසස් මට්ටමේ නවකථා බිහිවන්නේ නැති තරම්ය. වරක් නීට්ෂේ තම ශරතුස්තා දේශනාවල සඳහන් කළේ මිලක් ඇති කිසිම දෙයකට වටිනාකමක් නොමැති බවයි. නීට්ෂේගේ එම කියමන වර්තමාන සිංහල නවකථාවට ...

2020 ඔක්තෝබර් 29

විසිවන ශතවර්ෂයෙහි මහත් ආන්දෝලනයකට ලක් වූ Lady Chatterley’s Lover නවකතාවෙහි කේන්ද්‍රීය චරිතය වන චැටර්ලි ආර්යාව ලෝරන්ස්ගේම පරිකල්පනයෙන් පින්තාරු වූ චරිතයක් වුව ද ඇය ලන්ඩන් නගරයෙහි කලා සහ සමාජවාදී කවයන්හි හැදී වැඩුණු සුප්‍රසිද්ධ ආර්ථික විද්‍යාව පිළිබඳ ලන්ඩන් පාසැලෙහි (London School of Economics) සහ කලාව පිළිබඳ Slade පාසැලෙහි අධ්‍යාපනය හැදෑරූ එහෙත් ග්‍රාමීය පසුබිමකින් යුත් රොස්ලින්ඩ් ...

2020 ඔක්තෝබර් 9

අනුරසිරි හෙට්ටිගේ සිය සිව් වන කෙටිකතා සංග්‍රහය “මැරීන් ඩ්‍රයිව්” නමින් ප්‍රකාශයට පත් කොට තිබේ. ඔහු මීට පෙර පළ කළ කෙටිකතා සංග්‍රහ පිළිවෙළින් සිංහබාහු එනකං (2011), චේ..! කෝ..? (2013) හා දිමියා (2015) වේ. ඔහු අඛණ්ඩ ව කෙටිකතා කලාව පිළිබඳ ව අධ්‍යයනය කරන්නට වෙහෙසෙන්නකු බව අපට පෙනේ. ඒ සෑම කෙටිකතා සංග්‍රහයක ම කෙටිකතාවලට පූර්වයෙන් කෙටිකතාව පිළිබඳ ඔහුගේ අදහස් හා ප්‍රවාද පාඨකයා හමුවේ තැබීම ඊට ...

2020 සැප්තැම්බර් 15

එරික් ඉලයප්ආරච්චි විසින් රචිත “පේත” නවකතාව ලාංකීය නවකතාවේ අනාගතය සම්බන්ධයෙන් සුබ ලකුණකි. දශක ගණනාවක් තිස්සේ අපට පොදුවේ දක්නට ලැබුණේ මහ පොළොවේ යථාර්ථයෙන් පලා ගිය, ඉන්ද්‍රජාලික කරණම්වලින් පාඨකයාගේ ඇස් ගිනිකණ වට්ටන, බොල්, නිසරු නවකතා රැල්ලකි. ඒ ඇතැම් නවකතාවකින් පාඨක සිත් වසඟ වුව ද එය මුහුණු ...

2020 සැප්තැම්බර් 7

සිග්මන් ෆ්‍රොයිඞ්ට අනුව ළමයින්ට ඉතා කුඩා කාලයේ සිටම පොහොසත් ලිංගික පැවැත්මක් පවතී. එය වැඩිහිටියන් හඳුන්වන ස්වභාවික ලිංගික හැසිරීම්වලට බොහෝ සෙයින් වෙනස්ය. ස්ත්‍රී-පුරුෂ වශයෙන් ලිංගික අවයව වෙනස ළමයා මුලදී නොදනී. මෙම දැනුම ළමයා ලබන්නේ ලිංගරූපික නිරූපණ අවධියේදීය. තමන්ට ඉතාම සමීප ආදරය කරන දෙමාපියන් සහෝදර සහෝදරියන් තුළින් මේ අවබෝධය ලබයි. නිදසුන් වශයෙන් ළදරුවා අත...

2020 සැප්තැම්බර් 7

ඉමානුවෙල් කාන්ට් (Immanuel Kant) (1724-1804) 18 වෙනි සියවසෙහි විසූ ජර්මානු දාර්ශනිකයෙකි. පුනරුදයේ බොහෝ චින්තකයන් මෙන්ම ඔහුද තර්කනයේ මානසික හැකියාව ඉහළින්ම අගය කළේය. අප අත්දකිමින් සිටින ලෝකයට ව්‍යුහයක් කවන ලද්දේ අපගේ තර්කන ශක්තිය මගින් යැයි හේ තරයේ විශ්වාස කළේය. සුන්දරත්වය (Beauty) අත්විඳීමට ද, එය අත්දැකීමක් ලෙසින්, ග්‍රහණය කරගැනීමට ද හැකියාව ලැබෙන්නේ, අපගේ විනිශ්චය ...

2020 අගෝස්තු 25

නිදහස් කාව්‍ය සම්ප්‍රදාය කවියේ බොහෝ නිම්වළලු පුළුල් කළ සම්ප්‍රදායකි. මෙම කාව්‍ය සම්ප්‍රදායේ දෙවන පරපුරේ කවියෙකු ලෙස ගැනෙන විමල් දිසානායක කවිය පිළිබඳ ආසක්ත බවකින් මෙන් ම දෙස් විදෙස් කාව්‍ය සම්බන්ධ ගැඹුරු අධ්‍යයනයකින් ද යුතු ව කාව්‍යකරණයේ නියැළුනෙකි. සිරිගුණසිංහයන්ගේ සෙවණේ පේරාදෙණි ගුරුකුලයේ සිටිමින්, පැවති ගතානුගතික කාව්‍ය සම්ප්‍රදායයන් අභියෝගයට ලක් කිරීම මෙම ගුරුකුලයේ භාවිතය වුවද ...

2020 අගෝස්තු 25

එරික් ඉලයප්ආරච්චිගේ අලුත් නවකතාව ඔහුගේ කතා කියවා ඇති පාඨකයන් හුරු පුරුදු ලොවක් කරා ගෙන යයි. බගන්දරා නවකතාවේ හුන් චරිත , මහිමගොඩැල්ලේ සොල්දර ගෙදර පවුල, හැත්තෑ එකේ කැරැල්ලට පසු තුවාල අතරින් නැවතත් ජීවිතය ගොඩනගා ගන්නට වෑයම් කරති.කැරැල්ලේ ප්‍රාදේශීය නායකයෙක් වන කුලසිරි පුනරුත්ථාපන කඳවුරක ගෙවූ වසරක කාලයකට පසු දැඩි මානසික අවපාතයක් තුළ ආපසු දුම්රියෙන් නිවස බලා එන ජවනිකාවෙන්...

2020 අගෝස්තු 3

මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් රචිත කෙටිකතා කලාව: න්‍යායික සහ තුලනාත්මක අධ්‍යයනයක් නම් විචාර කෘතිය සමස්තයක් ලෙස ගත් කල්හි සිංහල කෙටිකතාවේ අනාගතය බරපතළ අනතුරකට හෙළන කෘතියක් බව අපේ අදහස ය. එහෙත් මෙය කිසි සේත් ම ව්‍යතිරේඛයක් නො වේ; ඔහුගේ දිගුකාලීන විචාර ව්‍යාපෘතියේ ම දිගුවකි. මෙය බරපතළ විවේචනයකි. එහෙයින් මෙම ලිපියේ අරමුණ මාක්ස්වාදී දෘෂ්ටි ආස්ථානයෙන් කෙරෙන එම විවේචනය ...

2020 ජූලි 28

නූතන නිශ්පාදන ක්‍රමය, ඒ කියන්නේ ධනවාදය මානව අවශ්‍යතා සඳහා උපයෝගිතා භාන්ඩ හදන ක්‍රමයක් නෙවෙයි. එය නිශ්පාදනය කරන්නේ හුවමාරු භාන්ඩ (වෙලෙඳ භාන්ඩ). අතිරික්ත වටිනාකම් සඳහා ධනවාදී වෙලෙඳපොලෙහි සංයුක්ත ශ්‍රමය ප්‍රකාශ වෙන්නේ වියුක්ත ශ්‍රමයෙන්. සංයුක්ත ශ්‍රමය කියන්නේ නිශ්චිත ස්වරූපයකින් භාන්ඩයක උපයෝගිතා වටිනාකම නිර්මානය කරන ශ්‍රමයට. උදාහරනයක් ලෙස, ඇඳුම් මැසීම, පාවහන් සෑදීම, ගෘහභාන්ඩ තැනීම ආදිය...

2020 ජූලි 19

නූතන නිශ්පාදන ක්‍රමය, ඒ කියන්නේ ධනවාදය මානව අවශ්‍යතා සඳහා උපයෝගිතා භාන්ඩ හදන ක්‍රමයක් නෙවෙයි. එය නිශ්පාදනය කරන්නේ හුවමාරු භාන්ඩ (වෙලෙඳ භාන්ඩ). අතිරික්ත වටිනාකම් සඳහා ධනවාදී වෙලෙඳපොලෙහි සංයුක්ත ශ්‍රමය ප්‍රකාශ වෙන්නේ වියුක්ත ශ්‍රමයෙන්. සංයුක්ත ශ්‍රමය කියන්නේ නිශ්චිත ස්වරූපයකින් භාන්ඩයක උපයෝගිතා වටිනාකම නිර්මානය කරන ශ්‍රමයට. උදාහරනයක් ලෙස, ඇඳුම් මැසීම, පාවහන් සෑදීම, ගෘහභාන්ඩ තැනීම ආදිය...

2020 ජූලි 4

මේ 2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය: සෝවියට් සාහිත්‍යය වැඩසටහනෙහි දී කෙරුණු සාකච්ඡාව අරභයා ලියැවෙන ලිපි පෙළේ අවසාන ලිපිය යි. රුසියානු විප්ලවයෙන් ඇති වූ පාලනය සාර් පාලනයේ ම දිගුවක් ලෙසට ගුණාංගීකරණය කළ ආචාර්ය ටියුඩර් වීරසිංහගේ ප්‍රතිගාමී ප්‍රවාදය ගැන මම පළමු ලිපියෙන් සාකච්ඡා කළෙමි. සාකච්ඡා මණ්ඩපයේ සිටි තිදෙනා ම 1917-1991 දක්වා කාලය තුළ සෝවියට් සංගමය තුළ සිදු වූ බරපතළ දේශපාලනික පරිවර්තනයන් ...

2020 ජූනි 19

2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය: සෝවියට් සාහිත්‍යය වැඩසටහනෙහි රුසියානු විප්ලවයේ ඉතිහාසය සම්බන්ධයෙන් කළ විකෘතිකරණය රුසියානු විප්ලවයේ ඉතිහාසය ආචාර්ය ටියුඩර් වීරසිංහ විකෘති කරයි යන පළමු කොටසින් හෙළිදරව් කළෙමි. මෙම දෙවන කොටස ලියන්නේ සාකච්ඡා මණ්ඩපයේ විද්වතුන් තිදෙනා විසින් සෝවියට් සංගමයේ ඉතිහාසය හා සෝවියට් සාහිත්‍යය ගැන ප්‍රේක්ෂක ජන සමූහයා තුළ ඇති කළ ව්‍යාකුලත්වය තුරන් කිරීමේ අටියෙනි.

2020 ජූලි 4

2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය වැඩසටහනෙහි මාතෘකාව වූයේ සෝවියට් සාහිත්‍යය යන්න යි. එම සාකච්ඡාවට සහභාගී වූවෝ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චින්තක රණසිංහ සහ සාහිත්‍යවේදී චූලා සමරනායක යන තිදෙනා වෙති. (මෙම සම්පූර්ණ සාකච්ඡාව යූටියුබ්හි Charana Tv Livisari Premaya සෝදිසි කිරීමෙන් බැලිය හැකි ය.) අප මෙම ලිපියෙහි පළමු කොටසින්...​

2020 ජුනි 29

ගෝලීය වසංගතය හමුවේ සියලු ම සමාජ සම්බන්ධතාවන් හිරිවට්ටා තිබේ. ඇත්තට ම මානව සම්බන්ධතා බලහත්කාරයෙන් දූරස්ථ කොට ඇත. කලාවේ දෘෂ්ටියෙන් ගත් කල්හි, මින් පෙර දේශපාලනික හා සාමාජීය වෙනස්කම් හමුවේ ප්‍රථමයෙන් ප්‍රතික්‍රියා දක්වන අංගය වන්නේ වේදිකා නාට්‍යයි. ඉන් විරෝධය පෑමත්, බොහෝ විට දේශපාලනඥයන් හා ඔවුන්ගේ දේශපාලන හැසිරීම හාස්‍යයට නැංවීමත් කෙරේ. එනමුදු මෙවර අද්‍යතන සමාජ කලබැගැනිය හමුවේ...

2020 ජුනි 29

සියළුම කලාවන් කාලය පිලිබඳ කොන්දේසියට යටත් ය. ඒවා නිශ්චිත සමාජ සම්බන්ධතාවයන් මඟින් බිහිවන මනුශ්‍ය ප්‍රජාවේ අදහස්, සිහින, හැගීම්, ප්‍රාර්ථනාවන්, අභිප්‍රායන් හා ඕනෑ එපාකම් වලට අනුරූප වන්නේ ය. ඒවා නිරූපනය කරන්නේ ය. එමෙන්ම කලාව පෙනෙන දේ පිටපත් කරගත් නිශ්චල ඡායාරූපයක ගති ලක්ෂණ පෙන්නුම් කරන්නක් ද නොවේ. දෙන ලද මොහොතේත් සිදුවෙමින් පවතින ආර්ථික - සමාජීය සංවර්ධනයේ නියාමයන්ට අනුව...

2020 ජුනි 15

රටෙහි සාහිත්යික පරිසරය බරපතළ ලෙස පරිහානිගත ව තිබෙන පසුබිමක ය අද දවසේ කවි ලියවෙන්නේ රුක් ගොමුවලින් සුසැදි කඳුකර පෝෂක ප්‍රදේශවලට නිසි පමණට වැසි ලැබුණ හොත් පමණි. පහළ මිටියාවත්වල දිය කඳුරු සරු ලෙස ගලන්නේ නියං සාය එළඹ රුක් ගොමු වියැළී කඳුකරය ගිනි වැදුණු කල පහළ මිටියාවත්වල ගැලූ දිය කඳුරු සියල්ල වියළී සිඳී යයි. මෙරටෙහි සාහිත්යික පරිසරය එවන් නියඟයකට ගොදුරු වූ කඳුකරයක් ආශ්‍රිත වියළි ...

2020 ජුනි 15

මහාචාර්ය විමල් දිසානායක සහ ශ්‍රීනාත් ගනේවත්ත විසින් කාව්‍ය රචනය අරභයා සම්පාදනය කරන ලද විරිත සහ අරුත යන මාහැඟි කෘතිය කියවා අවසානයේ මට සිතුනේ කාව්‍ය රචනය ආවාට ගියාට කළ යුතු දෙයක් නොව ඉතා ගැඹුරු විමර්ශනයකට හසු විය යුතු කලාංගයක් බව ය.මූලික වශයෙන් ම විරිත කවිය සමඟ අවියෝජනීය ලෙස බැඳී පවතින කාව්‍යාංගයක් බව ය. එය ජන කවියට ද පැරණි සීගිරි කවියට ද කොළඹ යුගයේ කවියට ද නිදහස් පද්‍ය ආරට ද එකසේ වලංගු ය. ...